පුවත් නිවේදන - Lanka News Web (LNW)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ‘රටේ ප්‍රශ්න‘ ගැන ඉතාම උනන්දුවෙන් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සිටියි. අද දිනයේ ඔහු විසින් නිකුත් කරන මාධ්‍ය නිවේදනයෙන් ද සුපුරුදු ‘රාජපක්ෂ ඇඟවුම‘ වන ‘‘තාමත් කාටවත් මගෙ කිට්ටුවටවත් එන්න බැරිවුණා!“ යන්න පැහැදිලි ව පෙනේ. ‘බලයට කෑදර පිරිස්‘ සහ ‘දේශපාලන අරමුණු“ සම්බන්ධයෙන් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය නිසග උනන්දුව තවමත් ප්‍රකට කරවන බව ද මෙහිදී පෙනී යයි. පහත දැක්වෙන්නේ එම මාධ්‍ය නිවේදනයයි. 
 

හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය 2018.02.17 දින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩසටහනකට සහභාගිවෙමින් සිටියදී මියයාමේ සිද්ධියට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව 2018.05.10 දින නිකුත් විය. එම මරණ පරීක්ෂණ වාර්තාවට අනුව කඹයකින් වැටී හිසට තුවාල සිදුවීම නිසා සිදු වූ මරණයක් ලෙස දක්වා ඇත. මේ සම්බන්ධයෙන් වූ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයාගේ වාර්තාවේද සඳහන් වන්නේ උඩසිට වැටීමේදී හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවයි. 

2015, 2016, 2017 වසර 03 තුළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගෙන්වන ලද කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල ඖෂධ මිලියන 159 ක් ඇති බවට කෝප් කමිටුව මාධ්‍යයට ලබා දී ඇති තොරතුරු අසත්‍ය බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා පවසයි.

වෙසක් උත්සවය නිමිති කරගෙන මැයි 1 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 7 දිනට කල් දැමීමට තීරණය කළ බවත්, ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කොට තිබුණි. මෙසේ කම්කරුවන්ගේ දිනය වූ ජාත්‍යන්තර කම්කරු දිනය කල් දැමීමට ගත් කැබිනට් තීරණය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය දැඩි විරෝධය පළ කර සිටී.

දිවයිනේ සියලුම විදුලි කාර්මික ශිල්පීන්ට වෘත්තීය පිළිගැනීමක් ලබාදීම සඳහා යෝජිත නව බලපත්‍ර ක්‍රමය පිළිබද මහජන උපදේශනය ඊයේ (22) කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි. විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවත්වූ මෙම මහජන උපදේශනයට විදුලි කාර්මික ශිල්පීන්, වෘත්තීය පුහුණු ආයතන, අධ්‍යාපන ආයතන, විදුලිබල සේවා සැපයුම් ආයතන, විදුලිබල කර්මාන්තයේ විවිධ පාර්ශ්වකරුවන් ඇතුළු නියෝජිතයින් 600කට ආසන්න පිරිසක් සහභාගි වූහ.

සිංහල-මුස්ලිම් ගැටුම කරළියට එන්නට පෙර රටේ තිබුණේ සිංහල-දෙමළ ගැටුමකි. එය නිදහසේ සිට විවිධ හැඩතල ගනිමින් ඉදිරියට ගලා ගෙන ගොස්, පසු කලෙක ප්‍රචණ්ඩ ගැටුමකට හැරී අතිවිශාල විනාශයකින් කෙළවර වූ ගැටුමක් ලෙස සැලකිය හැකි ය.

රටපුරා ඇතිව තිබෙන යම් කලබලකාරී වාතාවරණයන් පාලනය කිරීම පිණිස රජය විසින් සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කිරීමට ගත් තීරණයත්, අන්තර්ජාලයේ වේගය අඩාළ කිරීමට ගත් තීරණයත් මාධ්‍ය සංවිධාන එකතුව වන ‘මාධ්‍ය නිදහස සඳහා ක‍්‍රියාකාරී කමිටුව’ හා ‘නිදහස් මාධ්‍ය සංසදය’ විසින් එ්කාබද්ධව හෙළා දකිනු ලබන බව දන්වනු කැමැත්තෙමු.

අධ්‍යාපන අමාත්‍යාංශයේ කැඳවීම මත පසුගිය 17 වන දින කුරුණෑගල වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේ නායකත්ව පුහුණු වැඩසහනට සහභාගි වී පුහුණුව අතරතුර කඹයක් කැඩීයාමෙන් බිමට වැටී හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මිය යෑම බරපතල කනගාටුදායක තත්වයකි. 2013 වසරේ රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු පාසලේදී විදුහල්පතිවරුන්ට පුහුණුව ලබාදීමේදී රද්දොළුව ජාතික පාසලේ විදුහල්පති ඩබ්. වික‍්‍රමසිංහ මහතා මිය ගියේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ කැඳවීම මත පසුගිය 17 වන දින කුරුණෑගල වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේ නායකත්ව පුහුණු වැඩසහනට සහභාගි වී පුහුණුව අතරතුර කඹයක් කැඩීයාමෙන් බිමට වැටී හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මිය යෑම බරපතල කනගාටුදායක තත්වයකි. 2013 වසරේ  රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු පාසලේදී විදුහල්පතිවරුන්ට පුහුණුව ලබාදීමේදී රද්දොළුව ජාතික පාසලේ විදුහල්පති ඩබ්. වික‍්‍රමසිංහ මහතා මිය ගියේය. 

වැඩි ඡන්ද ප‍්‍රතිශතයකින් යුත්, ප‍්‍රචණ්ඩක‍්‍රියා අවම තවත් එක් මැතිවරණයක් පසුගියදා අවසන් විය. එය මෙරටේ සාමකාමී පුරවැසි ප‍්‍රජාවේ සතුටට හේතුවනවා නොඅනුමානය. එය නිසැකවම මෙරටේ මැතිවරණ ඉතිහාසය ලියා තබන්නෙක් නොවලහා ලියා තැබිය යුතු පරිච්ජේදයකි. එකී වර්ණවත් පරිච්ඡේදය අනාගතයේ දී පුනරුච්චාරණය කරනු ඇත්තේ මෑත කාලීනව මෙරටේ පැවති සාමකාමී ම මැතිවරණය එය බවත්, අපේක්ෂකයන්ගෙන් බහුතරයක් මැතිවරණ ව්‍යාපාරය දියත් කරන ලද්දේ තමන් හට නිරායාසයෙන් හිමිවිය යුතුව තිබූ ”සමබිමක” සිටිමින් බවත්ය.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb