පුවත් නිවේදන - Lanka News Web (LNW)

මෙවර පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් සිටින බව නන් දෙසින් ලැබෙන පුවත් වලින් සනාථ වේ. අනේක විධි බාධා මැද මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් ශ්‍රී ලංකාවේ සියළුම ඡන්ද දායකයින්ට මගේ ප්‍රණාමය පුදකර සිටිමි. ශ්‍රී ලංකාවේ විපාක්‍ෂික බලවේගය වන ඒකාබද්ධ විපක්‍ෂය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ඉතාමත්ම දුෂ්කර හා පීඩාකාරී තත්වයන් යටතේ මේ ජයග්‍රහණය ලබාගෙන තිබේ. 

රුසියාවේ සහ යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා, මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 ක් පමණ වන මහජන මුදල් අවභාවිත කළේ යැයි කියන චෝදනාවලට අදාල පරීක්ෂණ සම්බන්ධයෙන් 2016 ඔක්තෝබර් 20 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් මඟහරිමින් සිටියි. 

ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධව සේවය කරන අමාත්‍ය උපදේශකවරයා (ආරක්ෂක) ආක්‍රමණශීලී ආකාරයකින් හැසිරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ සහ අන්තර්ජාල මාධ්‍යවල සංසරණය වෙමින් පවතින වීඩියෝ දර්ශන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පළමු ශ්‍රේණියේ සහ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා ආබාධවලින් තොරව අඛණ්ඩව ක්‍රීඩාවේ නියැලීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව රැක ගැනීමේ වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය පවසයි.

අනීතික ලෙස දරුවෙක් පාසලට ඇතුළත් කිරීම ප‍්‍රතික්ෂේප කළ බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය තම නිල නිවසට කැඳවා දණගැස්සවීමේ සිද්ධියේ පරීක්ෂණ සඳහා සහයෝගය දීමට යයි පවසමින් තමා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වන බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත. 

2018 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සිට ගත වූ සති 02 තුල ඩෙංගු රෝගීන් 2000 ක් පමණ වාර්තා වී ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර, නුවර, යාපනය, මඩකලපුව, කුරුණෑගල, පුත්තලම, කල්මුණේ, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක දැනට අවදානම් ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇත.

2017 දෙසැම්බර් මස පැවති දුම්රිය වැඩ වර්ජනය අවසන් කරමින් දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන් සංවෘත්ත සේවා බවට පත් කරන බව ප‍්‍රකාශ කළ ද අධ්‍යාපන සේවාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ඉදිරි පියවරක් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ වැටුප් කොමිසම හෝ ප‍්‍රකාශයට පත් කොට නැත.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත මගින් පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහා විමර්ශන නිළධාරීන් දෙසීයක් බඳවා ගැනීම සඳහා මේවන විට සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලබයි. අදාල තනතුර සදහා අයදුම්පත් කැඳවා ඇති අවස්ථාවේ 2200 කට ආසන්න සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයින් පිරිසක් සිය අයදුම්පත් ඉදිරිපත් කර ඇති අතර සම්මුඛ පරික්ෂණ සදහා කැදවා ඇත්තේ ඉන් 1450 ක පිරිසක් පමණි.

 

වසර ගණනාවක් තිස්සේ බංග්ලාදේශයේ සිට මියන්මාරයට සංක්‍රමණය වෙමින් එහි බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරමින් ආරම්භ කරන ලද ඉස්ලාම්කරණය  තුල නිර්මාණය වී ඇති ගැටුම් අද ජාත්‍යන්තර මාධ්‍ය විසින් බෞද්ධයින්  ත්‍රස්තවාදීන් කරනු ලබන බෞද්ධ විරොධී ප්‍රචාරණයක් ලෙස ක්‍රියාත්මක කෙරේ. ඉතිහාසය අමතක කරමින්, සත්‍ය විකෘතිකරමින් සිදුවන මෙම ව්‍යාපාරය ලෝක ඉස්ලාමකරණයේ නව ස්වරුපයයි. මාධ්‍ය , රාජ්‍ය නොවන සංවිධාන පවා මෙම බෞද්ධ විරොධී ප්‍රචාරණයේ යෙදෙමින් ජාත්‍යන්තර සරණාගත නීති නම්වූ මෙවලම යොදා ගනිමින් සුවසේ ලෝක ඉස්ලාමකරණය ක්‍රියාත්මක කිරීමටත්, මිනිස් ජාවාරම් කිරීමටත් කටයුතු කරන බව පැහැදිලිය.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වෛයිස්රෝයි විශේෂ සුඛෝපභෝගි දුම්රිය හා රාජධානි එක්ස්ප‍්‍රස් හා එක්ස්පෝ ලංකා විශේෂ දුම්රිය මැදිරි ධාවනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 460 කට අධික මූල්‍යමය අලාභයක් සිදුවී ඇති බව,

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb