ප‍්‍රාදේශිය පුවත් - Lanka News Web (LNW)

දෛනික මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සැනන් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කරමින් සිටී.

මහනුවර තලාතුඔය මාර්ගයේ රතු බෝක්කුව සිට තලාතුඔය දක්වා කොටස පුළුල් කර ප්‍රතිසංස්කරණය නොකිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් අද (15) අම්පිටිය නගරයේ සිට විරෝධතාවයක නිරත වූහ.

දෛනික මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් මස්කෙලිය ස්තැස්පි වතු යායේ කොටස් හයක වතු කම්කරුවන් පිරිසක් මස්කෙලිය සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ගවරවිල මංසන්ධියේ අද උදැසන (11) උද්ඝෝෂණයක නිරත විය.

ජාතික විදුලිබල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයට ප්‍රදේශවාසින් විසින් මුදා හැර ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍යය ජලාශයෙන් ඉවත් කිරිමේ ශ්‍රමදානයක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) එම ජලාශයේදි පැවැත්විණි.

ජීවන වියදමට සරිලන මුලික වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට එම වතු සමාගමට එරෙහිව අද (01) උද්ඝෝෂණයක නිරත විය. 

 

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් රාණිකාඩු වතු යායට පිවිසෙන ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා වතු කම්කරුන් පෞද්ගලික බස් රථ රියදුරන් හා ත්‍රිරෝද රථ රියදුරන් අද (30) උද්ඝෝෂණයක නිරත විය.

රජය මගින් ඉදිකර දෙන වතු නිවාස ඉදිකිරිම සදහා වතු පාලන අධිකාරිය මගින් වෙන් කර දුන් ඉඩම සුදුසු නොවන බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් වැඩ වර්ජනය කරමින් වතු පාලන අධිකාරියට එරෙහිව විරෝධය දක්වයි.

ආහාර විෂ වී ආසාත්මිකතාවයක් ඇතිවීම හේතුවෙන් ඊයේ (05) රාත්‍රී වටවල ප්‍රාදේශීය රෝහල වෙත ළමුන් 65 දෙනෙකු ඇතුලත් කර තිබේ.

දැඩි ලෙස අබලන්වී ඇති උඩපුස්සල්ලාව, ඩෙල්මාර් - ගල්කඩපතන මාර්ගය සාදා දෙන ලෙස බලකරමින් අද (02) දින ඩෙල්මාර් ප‍්‍රදේශයේදි විශාල ජනතා සහභාගිත්වයකින් උද්ඝෝෂණයක් පැවැත්විණි.

මේ දිනවල පවතින අධික අව්රශ්මියත් සමඟ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට බලපා ඇති දරුණු නියං තත්ත්වය හේතුවෙන් මෙම මස පළමු වන දින සිට ඔක්තෝම්බර් මස දක්වා සංචාරක බංගලා තාවකාලිව වැසීමට කටයුතු කර ඇති බවයි වන ජීවි සංචාරක අංශයෙන් කළ විමසීකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

නීතීඥවරියන් අධිකරණයේදී කලිසම් සහ ගවුම් ඇඳීම අනුමතයි!

ඔක්තෝබර් 10, 2018

කාන්තා නීතීඥවරියන් අධිකරණ පරිශ්‍රය තුළ ඇඳිය යුතු ඇඳුම පිළිබඳ සංශෝධන ඇතුළත් ගැසට්...

ටිකට් කලු කඩ ජාවාරමට ක්‍රිකට් ආයතනයෙන් අලුත් විසඳුමක් !

ඔක්තෝබර් 14, 2018

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිවලදී ක්‍රීඩාංගන අසල වැඩි...

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි 

ඔක්තෝබර් 11, 2018

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන්...

භාරකාර ආණ්ඩුවෙන් ඒකාබද්ධයේ කචල්

ඔක්තෝබර් 14, 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...