කාසල්රි ජලාශයට මුදා හැරතිබූ දිරා නොයන ඝන අපද්‍රව්‍යය ඉවත් කරයි - Lanka News Web (LNW)

කාසල්රි ජලාශයට මුදා හැරතිබූ දිරා නොයන ඝන අපද්‍රව්‍යය ඉවත් කරයි

ජාතික විදුලිබල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයට ප්‍රදේශවාසින් විසින් මුදා හැර ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍යය ජලාශයෙන් ඉවත් කිරිමේ ශ්‍රමදානයක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) එම ජලාශයේදි පැවැත්විණි.

 

හෙක්ටයාර් 285 කින් යුත් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් නොර්වුඩ් ප්‍රදේශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ජලය ජලාශයට එකතුවන ස්ථානයේ හා හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ ජලය ජලාශයට එකතු වන ස්ථානයේ එක් රැස් වි ඇති ඝන අපද්‍රව්‍යය සහ ජලාශයේ වටා මෙසේ එක්රැස් වි ඇති ඝන අපද්‍රව්‍යයි ඉවත් කරනු ලැබුවේ.

kaslri 01

ජාතික ජලජ ජීවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑළිය කාර්යාලය මගින් සංවිධානය කර තිබු මෙම ශ්‍රමදාන කටයුත්තට සමගාමීව කෙසෙල්ගමුඔයේ දෙපස පදිංචිකරුන් සහ දික්ඔය ඇළ අවට පදිංචිකරුවන්ට ජලාශයට ඝන අපද්‍රව්‍යය මුදා නොහරින ලෙසට දැනුවත්කිරිමේ වැඩසටහනක්ද දියත් කරනු ලැබීය.

තවදුරටත් එම ජලාශයට ඝන අපද්‍රව්‍යය මුදා හරින ප්‍රදේශවාසින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටද මෙහිදි ජනතාව දැනුවත් කල අතර , මෙම ශ්‍රමදාන කටයුත්තට සමගාමීව මුළු ජලාශයේම තැන්පත් වි ඇති ඝන අපද්‍රව්‍යය ඉවත් කළේය.

kaslri 02

කාසල්රි ජලාශය විදුලි උත්පාදනයට මෙන්ම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයටද විශාල දායකත්වයත් සපයන නිසා මෙම ජලාශය පිරිසිදුව තබා ගැනිමේ වගකීම ප්‍රදේශවාසීන්ගේ වගකිමක් බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

මෙම ශ්‍රමදාන කටයුත්තට නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සහ හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් හා සේවකයන් මෙන්ම, එම ජලාශයේ ධීවර සමිති වල සමාජිකයන් විදුලි බල මණ්ඩලයේ සේවකයින් , යුධ හමුදාව , නාවික හමුදාව සහ පොලිසියේ නිලධාරින් , වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් රැසක් සහභාගි වි සිටියේය.

kasalri 03

මෙම ජලාශයෙන් එක් කර ගත් ප්ලාස්ටික් වතුර බොතල් නල්ලතන්නිය රිකාටන් කැලි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයට සහ අනෙකුත් ඝන අපද්‍රව්‍යය නුවරඑළිය මහ නගර සභාව වෙත රැගෙන ගොස් භාර දිමට මෙම ශ්‍රමදාන කටයුත්ත සංවිධානය කළ ජාතික ජලජ ජීවි නුවරඑළිය කාර්යයාලයේ නිලධාරින් කටයුතු කර තිබුණි.

චමත් කාවින්ද - හැටන්

kasalri 04

kasalri 05

kasari 06

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...