හාම්පුතුන් වැටුප කේවල් කිරීමට සැරසෙද්දී කම්කරුවන් උද්ඝෝෂණ දැඩි කරයි - Lanka News Web (LNW)

හාම්පුතුන් වැටුප කේවල් කිරීමට සැරසෙද්දී කම්කරුවන් උද්ඝෝෂණ දැඩි කරයි

දෛනික මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් මස්කෙලිය ස්තැස්පි වතු යායේ කොටස් හයක වතු කම්කරුවන් පිරිසක් මස්කෙලිය සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ගවරවිල මංසන්ධියේ අද උදැසන (11) උද්ඝෝෂණයක නිරත විය.

 

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු ඒ කාබද්ධ වෘත්තිය සමිති අතර වසර දෙකක් බල පැවැත්වෙන සේ මීට ප්‍රථම අත්සන් කළ අවබෝධතා ගිවිසුම කල් ඉකුත්වී මාස දෙකක පමණ කාලයක් ගත වී ඇත.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර යළිත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

වෘත්තිය සමිති භේදයකින් තොරව අද උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටින්නේ වතු යායෙන් මාසිකව ලබාදෙන වැඩ දින ගණනට අනුව වැඩට පැමිණෙන අයට සහ වතු යාය මගින් දිනක වැටුප සදහා අනුමත කරන තේ දළු ප්‍රමාණය පමණක් නෙළන අයට රු 730 ක දිනක වැටුප ලැබෙන බවත්,එසේ නොකරන අයට දිනක වැටුප වශයෙන් රු 530 වැටුපක් ලැබෙන බවයි.

wathu 01

දැනට තමන්ට ගෙවන රු 530 මුලික වැටුප කොන්දේසි විරහිතව රු 1000 දක්වා ඉහළ දමන ලෙස උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් ඉල්ලා සිටියේය.

උදැසන 8 සිට උදැසන 10 දක්වා උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් පැය දෙකකට ආසන්න කාලයක් වතු සමාගම්වලට එරෙහිව සිය විරෝධතාවය දක්වා වතු සමාගම්වල අයිතිකරුවන්ගේ පඹයෙකු සකස් කර පුළුස්සා යළිත් සේවයට වාර්තා කළේය. මෙම උද්ඝෝෂණය හේතුවෙන් මස්කෙලිය සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය දෙකකට අසන්න කාලයක් ඇණ හිට තිබුණි.

wathu 03

වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘතිතිය සමිති අතර අවසන් සාකච්ඡාව ඉකුත් 09 වෙනිදා රාජගිරිය වතු හාම්පුතුන්ගේ සංගමේ ප්‍රධාන කාර්යාලයේදි පවත්වා ඇති අතර එහිදි වතු හාම්පුතුන්ගේ සංගමය වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත යෝජනා කර ඇත්තේ දැනට වතු කම්කරුවෙකුට ගෙවන රු 530 මුලික වැටුප රු 575 දක්වා වැඩි කර වතු කම්කරුවෙකුට සියළු දිමනා සමග 15% ක පඩි වැඩි කිරිමක් සිදු කිරිමට හැකි බවයි.

එකාබද්ධ වෘත්තිය සමිති එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් වතුසමාගම්වලට අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවෙකගේ මුලික රු 1000 දක්වා වැඩි කළ යුතු බවයි.

wathu 06

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡාවක් යලිත් හෙට (12) පැවැත්වීමට දෙපාර්ශවය එකඟතාවකට පැමිණ තිබේ.

චමත් කාවින්ද - හැටන්

wathu 07

wathu 08

 

 

නවතම පුවත්

මැයි 27, 2019

කේරළයට ගිය ලාංකිකයන් ISIS සාමාජිකයන්ද ? ඉන්දීය පොලීසිය අවධානයෙන් !

මේ වනවිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය වෙත ගොස් සිටින බව කියන ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු පිළිබඳ ඉන්දීය…

මැයි 27, 2019

බදුරලිය අත්බෝම්බ සැකකරුගේ සොහොයුරාත් අත්අඩංගුවට

බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල අත්බෝම්බ 13ක් අඩංගු මල්ලක් තැබීමේ චෝදනාව යටතේ දැනට අත් අඩංගුවේ…

මැයි 27, 2019

ත්‍රස්තවාදය සහ අන්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රීලනිපයෙන් අලුත් යෝජනාවලියක්

ඇතැම් ජාතීන් විසින් කරන නොමනා ක්‍රියා හේතුවෙන් සිංහල ජාතියට බොහෝ දෙනා දොස් නගන බව අස්ගිරි පාර්ශවයේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb