වැටුප් වැඩීවීම ඉල්ලා වතු කම්කරුවෝ වීදි බසිති - Lanka News Web (LNW)

වැටුප් වැඩීවීම ඉල්ලා වතු කම්කරුවෝ වීදි බසිති

දෛනික මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සැනන් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කරමින් සිටී.

අද උදෑසන ආරම්භ කළ විරෝධතාවය සඳහා වතු කම්කරුවන් 400 ට අධික පිරිසක් එක්ව සිටින බවයි ලංකා නිවුස් වෙබ් හැටන් වාර්තාකරු පවසන්නේ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු ඒ කාබද්ධ වෘත්තිය සමිති අතර වසර දෙකක් බල පැවැත්වෙන සේ මීට ප්‍රථම අත්සන් කළ අවබෝධතා ගිවිසුම කල් ඉකුත්වී මේ වන විට මාස දෙකක පමණ කාලයක් ගත වී තිබේ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් එම සාකච්ඡා ද අසාර්ථක වී තිබුණි.

වෘත්තිය සමිති භේදයකින් තොරව ඔක්තෝබර් 16 අගහරුවාදා උද්ඝෝෂණයේ නියැලි සිටින වතු කම්කරුවන් සදහන් කරන්නේ වතු යායෙන් මාසිකව ලබාදෙන වැඩ දින ගණනට අනුව වැඩට පැමිණෙන අයට සහ වතු යාය මගින් දිනක වැටුප සදහා අනුමත කරන තේ දළු ප්‍රමාණය පමණක් නෙළන අයට රු 730 ක දිනක වැටුප ලැබෙන බවත්,එසේ නොකරන අයට දිනක වැටුප වශයෙන් රු 530 වැටුපක් ලැබෙන බවයි.

වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘතිතිය සමිති අතර අවසන් සාකච්ඡාව ඉකුත් 09 වෙනිදා රාජගිරිය වතු හාම්පුතුන්ගේ සංගමේ ප්‍රධාන කාර්යාලයේදි පැවැත්වුණි.

එහිදි වතු හාම්පුතුන්ගේ සංගමය වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත යෝජනා කර තිබුනේ දැනට වතු කම්කරුවෙකුට ගෙවන රු 530 මුලික වැටුප රු 575 දක්වා වැඩි කර වතු කම්කරුවෙකුට සියළු දීමනා සමග 15% ක පඩි වැඩි කිරීමක් සිදු කිරීමට හැකි බවයි.

එකාබද්ධ වෘත්තිය සමිති එම යෝජනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් වතු සමාගම්වලට අවධාරණය කර තිබුණේ වතු කම්කරුවෙකගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කළ යුතු බවයි.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...