වැටුප් සටන අතනොහරින වතුකම්කරුවෝ!

වැටුප් සටන අතනොහරින වතුකම්කරුවෝ!

18 October 2018 02:30 pm

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස බලකරමින් වතුකරයේ ස්ථාන කිහිපයකම වතු කම්කරුවන් ප්‍රධාන මාර්ගවලට පිවිස අදත් (18) උදෑසන විරෝධතාවේ නිරත විය.
 
හැටන් දික්ඔය අලුගාල්ල මංසන්ධියේ සහ හැටන් දික්ඔය පුලියාවත්ත යන  ප්‍රදේශවල වතු කම්කරුවන්ද වෙන් වෙන් වශයෙන් ප්‍රධාන මාර්ගවලට පිවිස කළු කොඩි ඔසවමින් වතු සමාගම්වලට එරෙහිව සිය විරෝධය දැක්වීය.
 
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර ඉකුත් වෙනිදා (15) පැවති සාකච්ඡවත් එකගතාවයකින් තොරව අවසන් වි තිබුණි.
wathu 01
 
වතු කම්කරුවන්ට දැනට දිනකට ගෙවන මූලික වැටුප රු 530 සිට රු 600 දක්වා වැඩි කර සියළුම දීමනා සමඟ  වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රු 940 දක්වා වැඩි කිරිමට අවසන්වරට පැවති සාකච්ඡාවේදි වතු හාම්පුතුන්ගේ සංගමය වතු ඒකාබද්ධ වෘත්තිය සමිති වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.
 
එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් වතු ඒකාබද්ධ වෘත්තිය සමිති වතු හාම්පුතුන්ගේ සංගමයට අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ මූලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසත් එසේ වැඩි නොකළහොත් වතුකරය පුරා දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.
wathu 02
 
වතු අධිකාරිවරුන් අවධාරණය කර සිටින්නේ ලෝක වෙළදපොළේ ශ්‍රි ලංකාවේ තේ වලට පවතින අභියෝග සහ තේ  කිලෝවක් නිෂ්පාදනයට වැයවන පිරිවැයත් හමුවේ වතුකම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට නොහැති බවයි.
 
වතුකම්කරුන්ගේ මුලික වැටුප ඔවුන් ඉල්ලන පරිදි  වැඩිකළහොත්  තේ වතු සමාගම්  කඩා වැටි වතු කම්කරුවන්ගේ රැකියාවලටද දැඩි අවධානමක් මතු වන බවයි හාම්පුතුන් පවසන්නේ. 
 
චමත් කාවින්ද - හැටන්
wathu 03
 
 
wathu 04
 
wathu 06