තලවකැලේ වනිගසේකර පෙදෙස නගර සභ නිවාස ව්‍යාපෘතිය ඉහල කොත්මලේ ජලාශයට නායයාමේ අවදානමක්! - Lanka News Web (LNW)

තලවකැලේ වනිගසේකර පෙදෙස නගර සභ නිවාස ව්‍යාපෘතිය ඉහල කොත්මලේ ජලාශයට නායයාමේ අවදානමක්!

තලවකැලේ නගරයේ වනිගසේකර පෙදෙස නගර සභ නිවාස ව්‍යාපෘතිය ඉහල කොත්මලේ ජලාශයට නායයාමේ අවදානමක් පවතින බව පවසමින් එම ගම්මානයේ පදිංචිකරුවන් පිරිසක් ඊයේ (20) තලවකැලේ නගර මධ්‍යයේදි උද්ඝෝෂණයක නිරත විය.

 

ඉහල කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි වනිගසේකර පෙදෙස පිහිටි ජලාශ මායිමේ ආරක්ෂිත පැති බැම්මක් ඉදි නොකිරිම නිසා මේ වන විට එම ගම්මානයේ ස්ථාන කිහිපයකින්ම ජලාශයට නායයාමට පටන්ගෙන ඇති බවයි තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා කියා සිටියේ.

ඉහල කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි ස්ථාන කිහිපයකට පමණක් ආරක්ෂක පැති බැමි ඉදි කර ඇතත් වනිගසේකර පෙදෙස නගර සභා නිවාස ව්‍යාපෘතිය ආසන්නයේ ජලාශ මායිමේ ආරක්ෂිත පැති බැම්මක් ඉදි කරන ලෙස එවකට ව්‍යපෘති භාරව සිටි අධ්‍යක්ෂකවරයාට අවස්ථා කිහිපයකදි ලිඛිතව හා වාචිකව දැනුම් දුන්නත් එයට මේ වන තෙක් කිසිදු විසදුමක් ලබා නොදුන් බවයි අශෝක සේපාල මහතා චෝදනා කර සිටින්නේ.

lindula 01

එම නිවාස යෝජනා ක්‍රමයට මායිම්ව තලවකැලේ නගරය , තලවකැලේ පොලිසිය , මුස්ලිම් පල්ලිය හා සිංහල ප්‍රාථමික විද්‍යාලයද පිහිටා ඇති අතර එම නිවාස යෝජනා ක්‍රමය නිවාස 85 කින් සමන්විත වෙයි.

lindula 02

මෙම නායයාමේ අවදානමකට ලක් වි ඇති වනිගසේකර පෙදෙස නගර සභා ව්‍යපෘතියේ පදිංචිකරුවන් වෙනත් ආරක්ෂිත ස්ථානයක පදිංචි කිරිමට හෝ එම නිවාස ව්‍යාපෘතියට ආසන්නව තිබෙන ජලාශ මායිමේ ආරක්ෂිත පැති බැම්මක් ඉදි කර දෙන ලෙසටයි තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා ඉහල කොත්මලේ ජල විදුලි ව්‍යාපෘති භාර නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ.

චමත් කාවින්ද - හැටන්

 lindula 03

lindula04

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

හිරු, දෙරණ, ස්වර්ණවාහිනී සහ ස්කයි නිව්ස්! - කෝ මේ සිරිසේන?

මාර්තු 16, 2019

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරකයා විසින් සජීවී විකාශයක් ලබාදීම මගින් මනුෂ්‍ය ජීවිත වෙඩි...

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

මාර්තු 20, 2019

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි...

ගෝඨා ඇමරිකාවට යන්න හදයි - කෞතුකාගාර නඩුව නොඅසන්නැයි යළි ඉල්ලයි

මාර්තු 16, 2019

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල්...