හැටන් නගරයේ වෙළෙඳසල් වසා දමා කළු කොඩි ඔසවයි - Lanka News Web (LNW)

හැටන් නගරයේ වෙළෙඳසල් වසා දමා කළු කොඩි ඔසවයි

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහයෝගය දක්වා හැටන් නගරයේ සියලුම වෙළෙඳසල් කළු කොඩි ඔසවා වසා දමා තිබේ.
 
හැටන් නගරයේ වෙළෙඳසල්වල රැකියා කරන සේවකයින් සහ හැටන් නගරයේ ත්‍රිරෝද රථ රියදුරන්, වෑන් රථ හිමියන් ඇතුළු සියළු දෙනා මේ වන විට වතු කම්කරු වැටුප් සටනට සහය පළකර තිබේ.
 
වතු කම්කරුවන්ගේ මූලික වැටුප  රු. 1200 දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට මැදිහත් වන ලෙස ඉල්ලමින් සංදේශයක්  භාර දීමට බගවන්තලාව නගරයේ සිට ඊයේ (23) දහවල් කොළඹ දක්වා පා ගමනක් ආරම්භ කර ඇති  හැටන් වැලිඔය වත්තේ තරුණයන් පිරිසක් අද (24) දෙවනි දිනට හැටන් නගරයේ සිට ගමන් ආරම්භ කරනු ලැබීය. 
 
වතු සමාගම්, වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවෙකුට දැනට  ගෙවන  රු 530 රු 600  දක්වා වැඩි කළ හැකි බවයි. එහෙත් එම යෝජනාව වතු ඒකාබද්ධ වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කර ඇත.
 
චමත් කාවින්ද - හැටන් 
 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...