වතු කම්කරු වැටුප සටන අඛණ්ඩව - පෙත්සමකුත් අත්සන් කෙරේ

වතු කම්කරු වැටුප සටන අඛණ්ඩව - පෙත්සමකුත් අත්සන් කෙරේ

25 October 2018 11:27 am

වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රු. 1281 දක්වා වැඩි විය යුතු බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමය මගින් ජනතා පෙත්සමකට අත්සන් ලබා ගැනිමේ වැඩසටහනක් අද (25) හැටන් නගරයේ ඔරලෝසු කණුව අසලින් ආරම්භ විය.

එම සංගමයේ ලේකම් ජේ.එම්.ඒ. ප්‍රේමරත්න මහතා කියා සිටියේ අද හැටන් නගරයෙන් ආරම්භ කළ මෙම ජනතා පෙත්සමට අත්සන් ගැනීමේ වැඩසටහන රට පුරා දියත් කරන බවයි.

රටේ දැනට පවතින ජීවන වියදම අනුව වතු කම්කරුවෙකුගේ දිනක මූලික වැටුප රු. 1000 නොව රු. 1281 දක්වා වැඩි විය යුතු බවයි සමස්ත ලංකා වතු කම්කරු සංගමය පෙන්වා දෙන්නේ.

හැටන් නගරයේදි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතා පෙත්සමට පක්ෂ භේදයකින් හා ජාති ආගම්වලින් තොරව අත්සන් කරනු දක්නට ලැබුණි.

චමත් කාවින්ද - හැටන්

{gallery}Pethsama{/gallery}