වතු වැටුප් සටනට සහය දක්වමින් ගුරුවරු උද්ඝෝෂණයේ! - Lanka News Web (LNW)

වතු වැටුප් සටනට සහය දක්වමින් ගුරුවරු උද්ඝෝෂණයේ!

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා ඉහළ දමන ලෙස වතු සමාගම්වලට බල කරමින් හැටන් කොටගල ගුරු විද්‍යාලයේ ගුරු අභ්‍යාසලාභි ගුරුවරුන් අද (26) උදැසන උද්ඝෝෂණයක නිරත විය.

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ එම ගුරු විදුහලට පිවිසුම් මාර්ගය ඉදිරිපිටයි උද්ඝෝෂණය පැවැත්වුණේ.

උද්ඝෝෂණයේ නියැලි සිටි අභ්‍යාසලාභි ගුරුවරුන් අවධාරණය කර සිටියේ දැනට රටේ පවතින ජීවන වියදම අනුව අඩුම වැටුපකට වැඩ කරන ශ්‍රමිකයන් සිටින්නේ වතුකරයේ බවයි.

එබැවින් වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රු 1000 දක්වා ඉහළ දැමිමට රජය මැදිහත් විය යුතු බවද උද්ඝෝෂණයේ නියැලි සිටි ගුරු අභ්‍යාසලාභින් කියා සිටියේය.

වතු කම්කරුවන්ගේ දරුවන් පිරිසක්ද මෙම ගුරු අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යාපනය ලබයි.

චමත් කාවින්ද - හැටන්

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...