වතු කම්කරු වැඩවර්ජනයෙන් තොන්ඩමන් හුදෙකලා වෙයි - Lanka News Web (LNW)

වතු කම්කරු වැඩවර්ජනයෙන් තොන්ඩමන් හුදෙකලා වෙයි

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු. 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය දෙවන දිනටත් වතුකරය පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.

කෙසේ වෙතත් කම්කරු ජාතික පෙරමුණ, කම්කරු ජාතික සංගමය, කඳුරට ජනතා පෙරමුණ ඇතුළු වතුකරය නියෝජනය කරන තවත් වෘත්තීය සමිති ගණනාක සමාජිකයන් අද (05) දින සුපුරුදු පරිදි දෛනික රාජකාරි කටයුතු සඳහා වාර්තා කර ඇති බවයි වතු අධිකාරීවරුන් බහුතරයක් පවසන්නේ.

ඒ අනුව ආරුමුගම් තොන්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොන්ග්‍රසය නියෝජනය කරන වතු කම්කරුවන් පමණක් මෙම වැඩවර්ජනයට සම්බන්ධව සිටින අතර සෙසු වෘත්තීය සමිති පවසන්නේ මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකර ගැනීම තම ප්‍රමුඛ සටන් පාඨය වුවද මේ මොහොතේ වැඩවර්ජනය සිදුකිරීම හරහා වතු සමාගම් මෙන්ම වතු කම්කරුවන් අපහසුතාවට පත්කළ නොහැකි බවයි.

මේ අතර හැටන් ෂැනන් වතු යායේ සේවයට වාර්තා කර සිටි වතු කම්කරුවන් පිරිසකට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් විසින් සේවයෙන් ඉවත් වන්නැයි පවසමින් බලපෑම් සිදුකර ඇති බව වාර්තා වේ. වතු අධිකාරීවරුන්ගේ මැදිහත්වීමෙන් එම තත්ත්වය සන්සුන් වී ඇති අතර මේ වනවිට එම කම්කරුවන් ද සුපුරුදු පරිදි දෛනික රාජකාරි සඳහා එක්ව සිටී.

වතු කම්කරුවෙකුට දැනට දිනකට ගෙවන රු. 530 මූලික වැටුප රු. 600 දක්වා වැඩි කර දිනකට සියලුම දීමනා සමග රු. 1000 කට ආසන්න වැටුපක් ලබා දිය හැකි බවට වතු සමාගම් විසින් වතු ඒකාබද්ධ වෘත්තිය සමිති වෙත කර ඇති යෝජනාව වතු ඒකාබද්ධ වෘත්තිය සමිති විසින් ප්‍රතික්ෂේප කර ඇත.

හැටන් චමත් කාවින්ද

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

අරුන් ‘ආවා-ගියා‘ වේවිද?

පෙබරවාරි 12, 2019

උතුරේ තරුව - අරුන් වෙත ආදරයෙන් ලියමි!

මධුෂ් අඳුනන්නෙ නෑ කියන්න බෑ. හැබැයි වැරදි වැඩට අපි සම්බන්ධ නෑ - ලක්ෂ්මන් යාපා

පෙබරවාරි 13, 2019

පාතාල නායක මධුෂ් පදිංචිව සිටියේ මාකඳුරේ බැවින් තමන් ඔහුව නොහඳුනනා...

ලක්ෂ 9ක ආදායමෙන් ලක්ෂ 20ක වියදම් පියවමින් ව්‍යාපාර කරන හැටි නිරෝශන් කියයි.

පෙබරවාරි 11, 2019

තලවතුගොඩ පිහිටි තම ව්‍යාපාරික ස්ථානයෙන් මසකට ලැබෙන්නේ රුපියල් ලක්ෂ නවයක...