හැටන් වතු නිවාස පේළියක ගින්නක්,නිවාස 24 ක් සම්පුර්ණයෙන් විනාශයි. - Lanka News Web (LNW)

හැටන් වතු නිවාස පේළියක ගින්නක්,නිවාස 24 ක් සම්පුර්ණයෙන් විනාශයි.

හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතු යායේ අක්කර 30 කොටසේ වතු නිවාස පේළියක අද (29) හට ගත් ගින්නකින් එම වතු නිවාස පේළියේ තිබු නිවාස 24 ක් සම්පුර්ණයෙන්ම විනාශ වි තිබේ.

 

හැටන් පොලීසිය පවසන්නේ අද උදැසන 6 ට පමණ මෙම ගින්න එක් නිවසකින් හටගෙන සෙසු නිවාස වලට පැතිර ගොස් ඇති බවයි.

ගින්නෙන් එම නිවාස 24 පදිංචි පවුල් 24 කට අයත් සමාජිකයන් 150 ආසන්න ප්‍රමාණයක් අවතැන් වී සිටින අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර ගින්න මැඩ පැවැත් වීමට හැටන් පොලිසියේ නිලධාරින්, වතු කම්කරුවන් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය දැඩි උත්සහයක නිරත විය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, ගින්නේන් සිදු වි අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.
ගින්න හේතුවෙන් අවතැන් වුවන් තාවකාලිකව එම වතු යායේම පොදු ස්ථානයක පදිංචි කිරිමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.
ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු භාණ්ඩ ආදියද සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්න පිළිබදව හැටන් පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

චමත් කාවින්ද - හැටන්

gini 02

gini 03

gini 04

gini 05

gini 06

gini 07

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...