දිලීරයකින් ආක්‍රමණය වූ පුත්තලමේ ලූණු වගාව! - Lanka News Web (LNW)

දිලීරයකින් ආක්‍රමණය වූ පුත්තලමේ ලූණු වගාව!

ලූණු ලොව පුරාම වගා කරන හා භාවිතා කරන ශාකයකි. ලූණු බොහෝවිට ද්විවාර්ශික හෝ බහුවාර්ශික ශාකයක් වුවත්, සාමාන්‍ය‍යෙන් වාර්ශික ශාකයක් ලෙස පිළිගැනේ.තවද ලූනු එහි ප්‍රථම වගා කන්නයේදී වගා කරනු ලැබේ.

 ලූණු පැළෑටියෙහි අවාන් හැඩැති කුහර හා නිල්, කොළ පැහැති පත්‍ර එහි පිහිටා ඇති අතර නියමිත දින ගණන ළඟා වීමත් සමඟ ක්‍රමක්‍රමයෙන් තරව වර්ධනය වන බල්බ ශාකයේ මුල පිහිටම හට ගනී. හේමන්ත කාලයේදී පත්‍ර මියයන අතර බල්බයේ පිට පොත්තද වියලී ගොස් කැඩෙන සුළු ස්වභාවයක් ගනී. අස්වැන්න නෙළාගෙන වියලා ගත් පසු එය පරිභෝජනයට හෝ ගබඩා කිරීමට සුදුසු වේ.

සමහරු පරිභෝජනයට ගන්නවා සේම තවත් සමහරු මේවා නැවත රෝපණය කිරීමටත් අමතක නොකරති. අස්වනු නෙලීමෙන් පසු රෝපණය කිරීම වෙනුවෙන් තෝරා ගත් බීජ ලූණු ගබඩා කර තබා ගන්නා ගොවියන් නැවත තමන්ගේ වගා කන්නයේ ආරම්භය උදාවන තුරු ඇඟිලි ගනිමින් සිටින්නේ තමන්ගේ ආර්ථිකය ගැන පමණක් නොව රටේ දේශිය ආර්ථිකයට අත හිත දීමේ බලාපොරොත්තුව ඇතිවය.

lunu 01

සෑම වසරක් පාසාම වර්ෂාපතන කාලයන් වලදී සිය ලූණු ගොවියන් කඩිමුඩියේ තම වගාව සදහා අපමණ පරිශ්‍රමයක් දරමින් විවිධ කෘෂිකාර්මික උපකරණ භාවිතයෙන් බිම සකස් කිරීමට දින ගණනාවක් මෙලෙස වෙහෙසවෙයි. එසේ සකස් කර ගන්නා භූමිය දින දෙක තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම බිජ ලූණු වලින් වපුරවනවා කිවහොත් එය නිවැරදිය.

අක්කර දෙකක් වැනි භූමි ප්‍රමාණයක් සදහා තෝරා ගන්නා ලද බීජ ලූණු හොන්ඩර් 500ක් වැනි ප්‍රමාණයක් මෙසේ රෝපණය කිරීමට මොවුන් කටයුතු සිදුකරන බව කියයි. ඒ සදහා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් තමන්ට වැය කිරීමට සිදුවන බව ඔවුහු පවසති.

lunu 02

 එසේ ගොවියන් තමන්ගේ සිහිනය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා දැඩි කැප කිරීමක් සිදු කරමින් වගාවට අවශ්‍ය කෘමිනාශක, පළිබෝධනාශක, ජලය සහ පොහොර සඳහාද අස්වනු නෙලීමට මත්තෙන් විශාල මුදලක් වියහියදම් කිරීමට පසුබට නොවන්නේ බලාපොරොත්තුව සඵල වනවායැයි කියන අදහසිනි.

නමුත් දින සති ගණන් ගෙවී යද්දි මේ සරුසාර ලූණු වගාවට වින කටින විවිධ රෝගකාරක දිලීර හටගැනීම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ ගොවියාගේ බලාපොරොත්තු සියල්ල සුනුවිසුනු කරමින් වගාවට කණකොකා හඩන්න පටන් ගැනීම ආරම්භ වී තිබේ.

lunu 03

ග්‍රාමීය මට්ටමෙන් ගොවියන්ගේ ව්‍යවහාරයට අනුව මෙම රෝගය මොවුන් ඩිස්කෝ නමින් හඳුන්වනු ලබයි. එසේ ඩිස්කෝ නමින් හඳුන්වනු ලබන මෙම රෝගකාරයක මේ වන විට කල්පිටිය අර්ද්වීපයේ සීඟ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර, එය දෙගුණ තෙගුණ කරමින් පුත්තලමද සිය ගොදුරට නතුකරගෙන සිටිනවා කිවහොත් එය නිවැරදිය. මේ වන විට පුත්තලම විලුක ප්‍රදේශයේ ලූණු වගාවට වැළදී සීඟ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙම දිලීරය සමහරු ඇන්ත්‍රකෝස් නමින් හඳුන්වනු ලබයි ගැමි ව්‍යාවහාරයේ මෙය ඩිස්කෝ නමින් හැදින්වීමට හේතුව ලෙස ඔවුන් පාදක කරගෙන ඇත්තේ සිය ලූණු ශාකයේ කොළ සියල්ල කහ පැහැති වර්ණයෙන් වර්ණ ගැනීමෙන් පසුව කොළ හැකිලීමයි.

මෙම ඩිස්කෝ හෙවත් ඇන්ත්‍රකෝස් නැමති දිලීරය අක්කරයක් වැනි වගා භූමිය තුළ දින දෙකක් වැනි කාලයකදී සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම සිදුවන බව ගොවියෝ පෙන්වා දෙති. පිළිකාවක ශෛල ශරීරය පුරා සීඟ්‍රයෙන් ව්‍යාප්ත වන්නා සේ මෙම දිලීරය වගා භූමිය පුරාවට පැතීරයාමේ ප්‍රවණතාවය ගණනය කිරීමට තරම් කාලයක් නිශ්චිතව සඳහන් කල නොහැකි බවයි ගොවියන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

lunu 04

කෙසේවෙතත් මෙම හානිය වැලැක්වීමට පුත්තලම ගොවි ජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්ත කෘෂිකර්ම උපදේශක ඇතුළු ක්ෂේත්‍ර පරික්ෂක කණ්ඩායම උනන්දු නොමැති බවද ගොවියෝ චෝදනා කරති.

 

මේ සම්බන්ධයෙන් අපත් සමඟ හඩ අවදිකල පාරම්පරික ගොවි මහතෙකු වන සෙම්බුලිංගම් මහතා පවසා සිටියේ දුක්බර කතාවකි.

අපි පරම්පරා ගොවියෝ අපි කෑවනම් කෑවේ ඇඳුමක් ඇන්දනම් ඇන්දෙ මේ මහ පොළොව එක්ක තරඟ කරලා දුක්මහන්සි වෙලා. අපිට මේ ගොවිතැනට අමුතුවෙන් කැටයම් දාන්න අවශ්‍ය නැහැ මොකද අපි පාරම්පරික ගොවියො. පුත්තලමෙ ඉන්නවා කෘෂි කර්ම උපදේශකලා කියලා පිරිසක් එයාලගෙ කුස ගැන බලනවා මිසක් අපේ කර්මය ගැන බලන්නෙ නැහැ. මම දැනට අවුරුදු 30-35ක් එක දිගටම ගොවිතැන් කරන්නෙ. හැබැයි මම අද තමයි දැක්කෙ පුත්තලමෙ කෘෂිකර්ම උපදේශකලා ඉන්නවා කියලා ඒත් මාධ්‍යට පිං සිද්ධ වෙන්න. ඒ ඇවිල්ලා මොකද කෙරුවෙ අපිටම දෙහි කපලා ගියා මිසක් අපේ අලාභයට වන්දි දෙනවා කිව්වෙත් නැහැ මුකුත් නැහැ. දැන් මට මේ වෙද්දි ලක්ෂ 3ක් විතර සම්පූර්ණයෙන්ම පාඩුයි ඒ ගැන හොයලා බලලා අපිට දිරි දෙන වැඩක් මේ වෙන කම් කරලා නැහැ අඩුම තරමෙ අපට උපදෙසක් දෙනවද? නැහැ ආසාවට මට මේ වෙනකම් රජයෙන් කියලා එක පොහොර ඇටයක් ලැබිලා නැහැ කියලා මම වගකීමෙන් කියන්න කැමතියි. රටේ දේශිය නිෂ්පාදන ගැන ජනාධිපති තුමා ලොකුවට මාධ්‍යයෙන් කතා කරනවා මේ වගේ කම්මැලි හොරු දිස්ත්‍රික්ක වල ඉද්දි දේශිය නිෂ්පාදන ඉහළ යාම කෙසේ වෙතත් පහළ නම් යයි.

lunu 06

මේ සම්බන්ධයෙන් අප කළ විමසුකදී එස්.රවී කුමාර් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

මේ රට කෘෂිකාර්මික රටක් කියන්න පුළුවන්ද? ලැජ්ජයි කියන්න. හේතුව අද කෘෂිකර්මාන්තය බඩගෝස්තරය කරගෙන බඩගෝස්තරවාදියෝ කෘෂිකාර්මික මාෆියාවක් කරගෙන සිටිනවා. ඒ කවුද කිව්වොත් මේ හානියට සෘජුවම වග කියන්න ඕනෙ පුත්තලම කෘෂිකර්ම උපදේශක සහ ක්ෂේත්‍ර පරික්ෂකවරු. මොකද ඔවුන් ඇවිල්ලා අපි ගැන හොයලා බලන්නෙ නැහැ. අපිට අවශ්‍ය උපදෙසක් දෙන්නෙ නැහැ. අපිව ලියාපදංචි කරලා නැහැ. අව්‍ය තෙල් පොහොර මොනවාද ඒ කාලවලදී වැළදෙන රෝග මොනවාද කියලා හොයලා බලන්නෙ නැහැ. දැන් මේ පාර අවේත් මාධ්‍ය දැනුවත් කෙරුවට පස්සෙ නැත්නම් ආත්මෙකට මේ පැත්ත පළාතකට එන්නෙ නැහැ.

lunu 07

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කල විමසුකදී පුත්තලම ගොවි ජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්ත සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති කෘෂිකර්ම උපදේශකවරිය පවසා සිටියේ මෙවැන්නකි.

කවුද ඔයාට මේ පැමිණිල්ල කළේ. මට මේකට උත්තර දෙන්න බැහැ මොකද මට මාධ්‍යට කියන්න තරම් නිදහස නැහැ. (දුරකථනය විසන්ධිය)

පසුව එම නිලධාරීන් වගා පරික්ෂාවකට ගොස් ඇති අතර එහිදී ගොවීන්ට චෝදනාත්මකව කතා කර ඇත්තේ එම වග හානිය පිළිබඳ ඔවුන්ව දැනුවත් නොකර මාධ්‍ය දැනුවත් කිරීම ගැනය.

ප්‍රියංකර කළුපහන - පුත්තලම

lunu 08

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...