කොටගල කර්මාන්ත ශාලාවක අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරේ! (ඡායාරූප/ වීඩියෝ) - Lanka News Web (LNW)

කොටගල කර්මාන්ත ශාලාවක අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරේ! (ඡායාරූප/ වීඩියෝ)

කොටගල ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන දිඹුල බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අංශයේ යෝගට් සහ චීස් නිෂ්පාදනාගාරයේ ඉවතලන කිරි සහිත අපද්‍රව්‍යය මහවැලි ගඟට මුදාහැරිම නිසා විශාල පරිසර හානියක් සිදු වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.

බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම පෞද්ගලික යෝගට් සහ චීස් නිෂ්පාදනාගාරයෙන් ප්‍රදේශයේ කිරි ගොවියන්ගෙන් සහ පෞද්ගිලක සත්ත්ව ගොවිපොලවල්වලින් මිල දී ගන්නා දියර කිරිවලින් දිනපතා විශාල වශයෙන් යෝගට් සහ චිස් නිෂ්පාදනය කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

යෝගට් සහ චීස් නිෂ්පාදනය කිරීමේදි ඉන් ඉවතලන කිරි සහිත අපද්‍රව්‍යය කිසිදු පරිසර ආරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් එම කර්මාන්ත ශලාවේ බලධාරීන් විසින් සෘජුවම මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන කොත්මලාඔයට මුදාහරිමින් තිබේ.

kiri 07

එම කර්මාන්ත ශාලව අසලින් බෝගහවත්ත ඇළට දිනපතා අපද්‍රව්‍ය මුදාහරින අතර ඒවා කොත්මලාන ඔය හරහා මහවැලි ගඟට එකතුවෙයි.

බෝගහවත්ත ප්‍රදේශයේ සිට කොත්මලාඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගය දෙපස වතු නිවාස ගණනාවක් පිහිටා ඇති අතර, මෙසේ අපද්‍රව්‍යය ඇළ මාර්ගයට මුදාහැරීම නිසා ප්‍රදේශයේ දැඩි දුගන්ධයක් මෙන්ම විශාල පරිසර හානියක් සහ එම ඇළ මාර්ගයේ විශාල පණුවන් බෝවී තිබීම නිසා එම ඇළ මාර්ගයේ ජලය පරිහරණය කිරීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.

චමත් කාවින්ද - හැටන්

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

හිරු, දෙරණ, ස්වර්ණවාහිනී සහ ස්කයි නිව්ස්! - කෝ මේ සිරිසේන?

මාර්තු 16, 2019

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරකයා විසින් සජීවී විකාශයක් ලබාදීම මගින් මනුෂ්‍ය ජීවිත වෙඩි...

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

ගෝඨා ඇමරිකාවට යන්න හදයි - කෞතුකාගාර නඩුව නොඅසන්නැයි යළි ඉල්ලයි

මාර්තු 16, 2019

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල්...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...