ශ්‍රි පාද වන්දනාකරුවන් රැගෙන එන පුද්ගලික වාහනවලින් අධික ලෙස මුදල් අය කිරිමේ ජාවාරමක් නල්ලතන්නිය නගරයෙන් වාර්තා විය.
පුද්ගලික රථ වාහන ගාල් අධික ලෙස මුදල් අය කිරිම නිසා එම වාහන වල අයිතිකරුවන් සහ රියදුරුවරුන් දැඩි අසිරුතාවයකට පත් වි සිටියි.
මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ රථගාලක් වශයෙන් ලියාපදිංචි කිරිමකින් තොරව නල්ලතන්නිය නගරයේ ස්ථාන කිහිපයක රථ වාහන ගාල් කිහිපයක් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් ශ්‍රි පාද වන්දනා වාරයේදි පවත්වාගෙන යනු ලබයි.
කිසිදු පොදු පහසුකමක්වත් නොමැතිව පවත්වාගෙන යන මෙම රථ ගාල තුළ බස් රථයක් ගාල් කිරිම සදහා රු 500 ක් ද, කුඩා බස් රථයක් සදහා රු 450 ක්ද වැන් රථයක් සදහා රු 350 ක්ද, ත්‍රිරෝද රථයක් සදහා රු 250 ක්ද, යතුරුපැදියක් සදහා රු 200 ක් වැනි විවිධ මිල ගණන් යටතේ මෙම පුද්ගලික රථගාල් වලින් මුදල් අයකරන අතර, එම රථගාල් වල ඇතුල් කරන සැම වාහනයක වගකිම එම රථගාල් පවත්වාගෙන යන අය විසින් භාර ගැනිමක් සිදු නොකරයි.
එම රථගාල්වල ගාල් කරන වාහන වල රියදුරා අනිවාර්යයෙන්ම වාහනයේ හෝ රථගාලේ රැදි සිටිය යුතු බවටද එම රථගාල් පවත්වාගෙන යන අය විසින් නීතියක් පනවා ඇත.
සුළු වේලාවකට වුවද එම ස්ථානවල නවතා තබන වාහන වලින් බලහත්කාරයෙන් වැඩි මුදලක් අය කරන බව සඳහන්.
ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් මස්කෙළිය ප්‍රාදේශිය සභාව මගින්ද පවත්වාගෙන යන පොදු රථ ගාල තුළද මෙවැනිම ආකාරයට වාහන සදහා විවිධ මිල ගණන් යටතේ අධික මුදලක් අය කරන බවද පැවසේ.
ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් අය කිරිමක් සහිතව රථ වාහන ගාල් කිරිමට පොදු රථ ගාලක් ඉදි කර දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් පැවතියද බලධාරීන් එය නොසලකා හරිමින් සිටින බව පෙනෙන්නට තිබේ.
මෙම ගැටළුව සම්බන්ධයෙන් අප මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එම්. රාජවිරන් මහතාගෙන් කළ විමසුමකට අනුව ඔහු කියා සිටියේ තම ප්‍රාදේශිය සභාව මගින් පවත්වාගෙන යන පොදු රථ ගාලේ ගාල් කරන රථ වාහන සදහා අධික මුදලක් අයකරන්නේ නම් ඒ පිළිබදව සොයා බැලීමක් සිදු කරන බවයි.
නල්ලතන්නිය නගරයේ පෞද්ගලික රථගාල් කිසිවක් තම ප්‍රාදේශිය සභාවේ ලියාපදිංචි වී නොමැති බවත්, නල්ලතන්නිය නගරයේ සිදු වන මෙවැනි අකටයුතු පිළිබදව සොයා බැලීමට තම ප්‍රාදේශීය සභාවට බලතල ලබා ගැනිම සදහා මධ්‍යම පළාත් අණ්ඩුකාරවරයා සහ මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයා සමග සාකච්ඡා කර අතුරු ව්‍යවස්ථාවක් සකස් කර එම අතුරු ව්‍යවස්ථාව ඉදිරියේදි ගැසට් කිරිමට පියවර ගන්නා බවද ලේකම්වරයා කියා සිටියේය.
චමත් කාවින්ද - හැටන්