වතු කම්කරුවෝ අදත් උද්ඝෝෂණයේ: "දේශපාලකයෝ සහ වෘත්තීය සමිති අපිව රැවටුවා" - Lanka News Web (LNW)

වතු කම්කරුවෝ අදත් උද්ඝෝෂණයේ: "දේශපාලකයෝ සහ වෘත්තීය සමිති අපිව රැවටුවා"

වතු හාම්පුතුන්ගේ සංගමය , වතු ඒකාබද්ධ වෘත්තිය සමිති සහ රජය මැදිහත් වී තමන් වෙත ලබාදුන් රු 700ක මූලික වැටුප ප්‍රමාණවත් නොවන හා මෙම නව වැටුප් වැඩි කිරිමේදි මීට ඉහත තමන් වෙත ගෙවු දිරි ගැන්විමේ දිමනාව වන රු 140 මෙවර වැටුප් වැඩි කිරිමට ඇතුලත් කර නොමැති බව පවසමින් බගවන්තලාව ප්‍රදෙශයේ වතුකම්රුවන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

 

මෙම විරෝධතාකරුවන් හැටන් බගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ගය බගවන්තලාව නගරයේ පාලම අසලින් අවහිර කරමින් අද (27) උදෑසන විරෝධය ආරම්භ කළේය. මේ හේතුවෙන් එම ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිටි බව බගවන්තලාව පොලිසිය පැවසීය.

 විරෝධතාවයේ නියැලි සිටින වතු කම්කරුවන් කියා සිටින්නේ තමන්ට රු 1000ක මුලික වැටුපත් ලබාදෙන බව වතුකරයේ දේශපාඥයින් පොරොන්දු වී දැන් රු .700 මුලික වැටුපක් පමණක් ලබා දී තමන්ව මුලා කළ බවයි.bogo 01

වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුම අත්සන් නොකරන ලෙස ඔවුන් අවධාරණය කළේය.

ප්‍රධාන මාර්ග අවහිර කර තිබිම නිසා හැටන් ප්‍රදේශයෙන් බගවන්තලාව නගරයට ධාවනය වන කිසිදු රථ වාහනයකට නගරය තුළට ඇතුල්කිරිමට නොහැකි විය.

චමත් කාවින්ද - හැටන්

bogo 02

bogo 03

bogo 04

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම වැඩ පෙන්වයි - මසක් ඇතුළත බස්රථ 6ක් ධාවනයට

පෙබරවාරි 19, 2019

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව වර්ධනය කරමින් මාසයක් ඇතුළදී...