1000ක් ඉල්ලා වතු කම්කරුවෝ අදත් පාරට! - Lanka News Web (LNW)

1000ක් ඉල්ලා වතු කම්කරුවෝ අදත් පාරට!

කොටගල ඩ්‍රේටන් වත්තේ වතු කම්කරුවෝ තම දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර ලබා දෙන ලෙස ඉල්ලමින් නුවරඑළිය- හැටන් මාර්ගයේ කොටගල නගරයේදී අද (03) උද්ඝෝෂණයක නිරතවුහ.

 නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා හා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් රුපියල් 700 ක දිනක වැටුපකට ගිවිසුම් අත්සන් කොට වතු කම්කරුවන් දිනකට රුපියල් 1000 ක් ඉල්ලා සිදු කරමින් පැවැති අරගලය පාවා දුන් බව උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවන් ප්‍රකාශ කළේය.

රුපියල් 700 ක දිනක වැටුප සඳහා අත්සන් කරන ලද ගිවිසුම වහාම අහෝසි කරන ලෙසත් එසේ නොකළහොත් එම අත්තනෝමතික ගිවිසුම හකුලා ගන්නා තුරු වතුකරය පුරා දැවැන්ත අරගල මාලාවක් ක්‍රියාත්මක කරනු ලබන බවත් උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවන් මෙහෙදී පැවැසීය.

 

වතු කම්කරු වැටුප් ගිවිසුමට විරෝධය දක්වමින් විවිධ සටන් පාඨ ලියන ලද පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පැය දෙකකට අධික කාලයක් විරෝධතාවයේ නිරත වතු කම්කරුවන් පසුව විසිරී ගියහ.

කේ. ක්‍රිෂාන්තන් -තලවකැලේ

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

අප්‍රේල් 19, 2019

මගේ ආශාව වන්නේ, කිසි රටක පුරවැසියෙකු නොවී සිටීම ය.