බගවන්තලාව, චැම්පියන් තේ වතුයායේ කම්කරුවන් අද (04)ත් උද්ඝෝෂණයේ වූයේ සිය දෛනික මූලික වැටුප රුපියල් 1000/- දක්වා වහා ඉහළ දමන ලෙස ඉල්ලමිනි.
බගවන්තලාව-බලංගොඩ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ඔවුහු උද්ඝෝෂණයක නිරත වූහ.
1000 ව්‍යාපාරය මගින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට එක්ව සිටි වතු කම්කරුවන් කියා සිටියේ වතුකරයේ ජනතාවට වසර 200ක සිටම නිදහස් අහිමි වී ඇති බවයි.
එහෙයින් තවදුරටත් නිහඬව නොසිට වතු කම්කරු වැටුප් ප්රශ්නය විසඳා දෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
කේ. ක්‍රිෂාන්තන් - තලවකැලේ