ආගරපතනේ අතුරුදහන් දරුවා පැය 18කට පසු හමුවෙයි - Lanka News Web (LNW)

ආගරපතනේ අතුරුදහන් දරුවා පැය 18කට පසු හමුවෙයි

ආගරපතන, හෝල්බෘෘක්, බැල්මොරල් වත්තේ ලෝව ක්‍රැන්ලි කොටසේ අතුරුදහන්ව සිටි දෙහැවිරිදි කුඩා සිගිති දරුවා පැය 18 කට පමණ පසුව අද (20) එම තේ වත්තේ අතුරු මාර්ගයක දමා ගොස් සිටියදී හමු වූ බව ආගරපතන පොලීසිය පවසයි.

යසව් විදාර් නැමැති මෙම කුඩා පිරිමි දරුවා ඊයේ (19) සවස 4.00 සිට පමණ නිවසින් අතුරුදහන්ව සිට ඇති අතර පසුව ආගරපතන, ඩයගම යන පොලීසි හා තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හා වතු කම්කරුවන් එකතුව මෙම දරුවා සොයා ගැනීමේ කටයුතුවල නිරත වූහ. පසුව අද (20) උදෑසන සිදු කරනු ලැබු සොයා බැලීමේදී මෙම දරුවා තේ වතුයායේ අතුරු මාර්ගයක දමා ගොස් සිටියදී ආගරපතන පොලීසියේ නිලධාරීන්ට හා වතු කම්කරුවන්ට හමුව තිබිණි.

daruwa 03

මෙම අතුරුදහන්ව සොයා ගනු ලැබු දරුවා මව වන ෂෙන්නි හා පියා වන ප්‍රදීබන් යන අය දෙමාපියන් සමග කොළඹ ප්‍රදේශයේ සිට ආගරපතන, හෝල්බෘෘක්, බැල්මොරල් වත්තේ සිටින නෑදෑ නිවසකට පැමිණ සිටියදි මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි පොලීසිය පවසයි.

කිසියම් පුද්ගලයෙකු විසින් මෙම දරුවා පැහැර ගෙන ගොස් රාත්‍රී කාලයේ රඳවා තබාගෙන පසුව මුදා හරින්නට ඇති බවට පොලීසිය සැක කරයි.

daruwa 01

තේ වතුයායේ අතුරු මාර්ගයක අතහැර දමා ගොස් සිටියදි හමු වූ දරුවා වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා ආගරපතන රෝහලට ඇතුළත් කොට ඇති අතර එම දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශයෙකු පැවැසීය.

මෙම දරුවාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් ආගරපතන පොලීසිය විශේෂ පරීක්ෂණයක් පවත්වනු ලබයි.

කේ. ක්‍රිෂාන්තන් - තලවකැලේ

daruwa 02

daruwa 04

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb