බගවන්තලාව වතු කම්කරුවන් දින තුනක් තිස්සේ වැඩ වරයි( VIDEO) - Lanka News Web (LNW)

බගවන්තලාව වතු කම්කරුවන් දින තුනක් තිස්සේ වැඩ වරයි( VIDEO)

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරෙසියා වතුයායේ වතු අධිකාරිවරයාව පාලන අධිකාරියෙන් ඉවත් කරන ලෙස බල කරමින් තෙවන දිනටත් අද (22) කම්කරුවන් වැඩවර්ජනයේ නිරත විය.

 එම වතුයායේ වතු අධිකාරිවරයා වතුයාය නිසිලෙස පාලනය නොකරන බවත්, තේ වතු කැළෑ බවට පත් වීම නිසා තමන්ට දෛනිකව ලබාදෙන වැඩ කරන දින ගණනද අඩු වීම නිසා තමන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වී සිටින බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

දින තුනක් තිස්සේ වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂනය කිරිම සම්බන්ධයෙන් මඩොල්සිම වැවිලි සමාගමේ ප්‍රාදේශිය ප්‍රධාන විධායක නිලධාරී අතුල විජේවර්ධන මහතා උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් සමග අද සාකච්ඡාවක්ද පැවැත්විය.

එම සාකච්ඡාවේදි ප්‍රාදේශිය ප්‍රධාන විධායක නිලධාරිවරයා උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුවන් හමුවේ කියා සිටියේ වතු කම්කරුවන් සිදු කරන පැමිණිලි සම්බන්ධයෙන් සොයා බලා සතියක් ඇතුලත විසදුමක් ලබාදෙන බවයි.

වතු කම්කරුවන් නගන චෝදනා සම්බන්ධයෙන් අප එම වතු යායේ වතු අධිකාරි සුගත් ආරියරත්න මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු සඳහන් කළේ වතු කම්කරුවන් නගන චෝදනා පදනම් විරහිත බවයි.

කාසල්රි ජලාශයට බගවන්තලාවේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ තම වතුයායට අයත් කොටසේ අනවසරෙන් විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් වතු කම්කරුවන් කිහිපදෙනෙකුගේ සහයෝගය මත රාත්‍රී කාලයේ මැණික් ගැරීමේ ජාවාරමක් සිදු කරගෙන යන අතර ඊට එරෙහිව නීතිමය පියවර ගැනිම සහ එයට විරුද්ධ විම හේතුවෙන් වතු කම්කරුවන්ව උද්ඝෝෂණවලට පොළඹවා මැණික් ජාවාරම්කරුවන් තමන්ව වතු පාලන අධිකාරියෙන් ඉවත් කිරීමට සැලසුමක් දියත් කර ඇති බවයි වතු අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

චමත් කාවින්ද - හැටන්

 

WATHU 01

WATHU 02

WATHU 03

WATHU 04

WATHU 05

WATHU 06

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb