කාසල්රි ජලාශයේ අලුතින් දූපතක් මතු වෙයි! - Lanka News Web (LNW)

කාසල්රි ජලාශයේ අලුතින් දූපතක් මතු වෙයි!

ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ අලුතින් දූපතක් මතු වී තිබේ.

කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග එම ජලාශයේ ජල මට්ට්ම ශීඝ්‍රයෙන් පහත බැසීමත් සමග මෙම දූපත මතු වී ඇත.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලි ගම ප්‍රදේශයේ ඉකුත් වසරේ 2018.10.15 දින නිවාස පහක් සමග ප්‍රධාන මාර්ගයේ විශාල කොටසක් කාසල්රි ජලාශයට නායයාම හේතුවෙන් එම ජලාශයේ පස් සහ කඩාගෙන ගිය ගොඩනැගිලි ද්‍රව්‍යය තැන්පත් වීම නිසා එම ජලාශයේ අලුතින් දූපතක් ලෙස එම පස් තට්ටු තැන්පත් වී ඇත.

kasalre 04

එම ප්‍රදේශය නාය යාමෙන් විශාල පස් ප්‍රමාණයක් ජලාශයට කඩා වැටී ඇති බව ජතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් කළ සමීක්ෂණයකදී තහවුරු වී තිබේ.

කාසල්රි ජලාශයේ ජල මට්ටම තවදුරටත් පහල බැසීම හේතුවෙන් කාසල්රි ජලාශයේ නිව්වැලිගම ප්‍රදේශයේ සිට ජලාශයේ එපිටට මස්කෙලි ප්‍රදේශයට ගමන් කිරීමටද අවස්ථාව උදා වනු ඇත.

කාසල්රි ජලාශයෙන් දූපතක් ලෙස දැනට මතු වී ඇති ස්ථානය එවකට විශාල ගැඹුරකින් යුක්ත ප්‍රදේශයක් වශයෙන් තිබූ බවයි විදුලි බල මණ්ඩලය හඳුනාගෙන තිබුණේ.

kasalre 06

මෙම නායයාම නිසා විශාල පරිසර හානියක්ද සිදු වී ඇත.

චමත් කාවින්ද - හැටන්

නවතම පුවත්

මැයි 19, 2019

ආනයනික ලොකු ළූණු බදු ඉහළට

ආනයනික ලොකු ළූණු සඳහා පනවන බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මැයි 19, 2019

අන්තවාදී ත්‍රස්තයින් සියලු දෙනා අත්අඩංගුවේ

ගත වූ මාසයකට ආසන්න කාලය තුළ රට තුළ සිටි ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට…

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb