වතු වැටුප් සටන යළි අරඹයි(VIDEO/PHOTOS) - Lanka News Web (LNW)

වතු වැටුප් සටන යළි අරඹයි(VIDEO/PHOTOS)

 වතු කම්කරුවන්ගේ මූලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් රු 1000 ව්‍යාපාරය මගින් බගවන්තලාව නගරයේදි අද (03) උද්ඝෝෂණයක් පැවැත්වීය.

 කළු කොඩි සහ පොස්ටර් අතැතිව හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව හොලිරොසරි දමිල පාසල අසල සිට බගවන්තලාව නගරය දක්වා පෙළපාලයකින් පැමිණ බගවන්තලාව නගර මධ්‍යයේද උද්ඝෝෂණයක නිරත විය.

උද්ඝෝෂණයේ නියැලී සිටි 1000 ව්‍යාපාරයේ සමාජිකයන් සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක සමාජිකයන් රජයට අවධාරණය කර සිටියේ රු 1000 මූලික වැටුපක් ලබා දීමට වතු සමාගම්වලට හැකියාව තිබියදි වතුකරයේ වෘත්තිය සමිති කිහිපයක් වතු සමාගම් සමග එක් වී වතු කම්කරුවන්ට රු 700 මූලික වැටුපක් සහ තවත් රු 50ක අමතර දීමනාවක් ලබා දීමට වසර දෙකකට බල පැවැතත්වෙන සේ අදාල අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති බවයි.

රජයේ පාර්ශවය නියෝජනය කරන වතුකරයේ දේශපාඥයින් කිහිප දෙනෙකු එක් වී මෙවර අයවැයෙන් රු 50 තවත් දීමනාවක් වතු කම්කරුවන්ට ලබාදීමට කටයුතු කරන බව පවසා ඇති බවත් එම දේශපාලඥයින්ද වතු කම්කරුවන්ව රවටා ඇති බවයි උද්ඝෝෂනයේ නියැලි සිටි 1000 ව්‍යාපාරයේ සමාජිකයන් කියා සිටියේ.

වතු කම්කරුවන්ට රු 1000 මූලික වැටුප ලබාදෙන තෙක් තම සංවිධානය දිවයින පුරා මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර සිදු කරන බවද 1000 ව්‍යාපාර සමජිකයන් කියාසිටියේය.

 

මේ අතර වතු කම්කරුවන්ගේ මූලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස රජයට සහ වතු සමාගම්වලට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමයද අද (03) හැටන් නගර මධ්‍යයේදි උද්ඝෝෂන ව්‍යාපාරයක් පැවැත්විය.

සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ප්‍රේමරත්න මහතා රජයට අවධාරණය කර සිටියේ රජය මගින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැයේදි නීති සම්පාදනය කර වතු කම්කරුවෙකුට රු.1000 ක දෛනික මූලික වැටුපක් ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

දැනට වතු කම්කරුවන්ට වැඩි කර ඇති රු 750 වැටුප ප්‍රමාණවත් නොවන බවත්, මූලික වැටුප රු.1000 දක්වා වැඩි කිරීමේ සටන අඛන්ඩව පවත්වාගෙන යන බවයි සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම්වරයා කියා සිටියේ.

චමත් කාවින්ද - හැටන්

watup 01

watup 02

watup 03

watup 04

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb