ප‍්‍රාදේශිය පුවත් - Lanka News Web (LNW)

බගවන්තලාව, චැම්පියන් තේ වතුයායේ කම්කරුවන් අද (04)ත් උද්ඝෝෂණයේ වූයේ සිය දෛනික මූලික වැටුප රුපියල් 1000/- දක්වා වහා ඉහළ දමන ලෙස ඉල්ලමිනි.

කොටගල ඩ්‍රේටන් වත්තේ වතු කම්කරුවෝ තම දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර ලබා දෙන ලෙස ඉල්ලමින් නුවරඑළිය- හැටන් මාර්ගයේ කොටගල නගරයේදී අද (03) උද්ඝෝෂණයක නිරතවුහ.

වතු හාම්පුතුන්ගේ සංගමය , වතු ඒකාබද්ධ වෘත්තිය සමිති සහ රජය මැදිහත් වී තමන් වෙත ලබාදුන් රු 700ක මූලික වැටුප ප්‍රමාණවත් නොවන හා මෙම නව වැටුප් වැඩි කිරිමේදි මීට ඉහත තමන් වෙත ගෙවු දිරි ගැන්විමේ දිමනාව වන රු 140 මෙවර වැටුප් වැඩි කිරිමට ඇතුලත් කර නොමැති බව පවසමින් බගවන්තලාව ප්‍රදෙශයේ වතුකම්රුවන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තිය සමිතියත් රජය පාර්ශවයත් එක් වී තම දෛනික මුලකි වැටුප රු 700 දක්වා වැඩි කිරිමට ගත් එකඟතාව පිළිනොගන්නා බව පවසමින් වතු කම්කරුවෙක් හැටන් නගරයේ මල්ලිඅප්පු මංසන්ධියේ සත්‍යග්‍රහයක් අරම්භ කර ඇත.

තම දෛනික මූලික වැටුප රු. 1000 වැඩි කරදෙන ලෙස ඉල්ලා සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ස්ථාන කිහිපයකම වැඩ වර්ජනය කරමින් අද (23) උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර තිබුණි.

බගවන්තලාවේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ස්වභාවික ගල් යට හාරා එහි තුළ වූ මැණික් ඉල්ලම් ගොඩගෙන අනවසර මැණික් ගැරීමේ ජාවාරමක් සිදු කරන බව ප්‍රදේශවාසීන් පවසයි.

ඉන්දියානු රජය මගින් වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදි කරන වතු නිවාස යෝජනා ක්‍රමය යටතේ ආගරපතන ඩයගම ඩෙස්පොඩ් වතුයායේ ඉදි කරන වතු නිවාස 150 වතු කම්කරු අයිතියට පත් කිරිම ඊයේ (20) සිදුවිය.

ශ්‍රි පාද වන්දනාකරුවන් රැගෙන එන පුද්ගලික වාහනවලින් අධික ලෙස මුදල් අය කිරිමේ ජාවාරමක් නල්ලතන්නිය නගරයෙන් වාර්තා විය.

කැලි කසළ හේතුවෙන් අපවිත්‍රතාවයට පත්ව තිබෙන මහනුවර ගුඩ්ෂෙඩ් බස් රථ නැවතුම්පොළ හා ඒ අවට පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාතේ ශ්‍රව්‍යාබාධිත සහිත වූවන් ගේ සහභාගීත්වයෙන් අද(13) සිදු කෙරිණි.

කොටගල ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන දිඹුල බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අංශයේ යෝගට් සහ චීස් නිෂ්පාදනාගාරයේ ඉවතලන කිරි සහිත අපද්‍රව්‍යය මහවැලි ගඟට මුදාහැරිම නිසා විශාල පරිසර හානියක් සිදු වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb