ප‍්‍රාදේශිය පුවත් - Lanka News Web (LNW)

මොරගහකන්ද මහා ජලාශයෙන් උතුරු මහ ඇළටත් වයඹ මහ ඇළටත් ජලය මුදා හැරීම නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා ජලාශවල ජල අයිතිය අහිමිවීමේ අවදානමක් ඉදිරි කන්නවල දී මතුවිය හැකි බව පොළොන්නරුව මහාවාරි ව්‍යාපාරවල ගොවි සංවිධාන පෙන්වා දෙයි.

 මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම හේතුවෙන් තමන්ට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පවසමින් බිංගිරියේ ගම්මාන කිහිපයක ජනතාව අද (18) පෙරවරුවේ බිංගිරිය පොලීසියට සහ රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත විය.

මෙලෙස විරෝධතාවය සඳහා එක්ව සිටියේ විරපොකුණ, පුවක්ගහකඩවල, කිනියම, පුහුල්හෙන්වැටිය, දන්විල ඇතුළු ගම්මාන කීපයක ජනතාවයි. විරපොකුණ සති පොළ ඉදිරිපිටදී මේ උද්ගෝෂණය පැවැත්විණි.

තම ගම්මානවල තරුණයන් ඇතුළු පිරිස හෙරොයින් ඇතුළු විවිධාකාරයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා ගෙදර උයා ගත් බත් මුට්ටියක්වත් තබා ගත නොහැකි තත්වයක් උදා වී ඇති බව ඔවුහු පවසති. තමන් මෙලෙස උද්ඝෝෂණය කිරීම සඳහා පාරට බැසීමට ප්‍රධාන හේතුව පොලීසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ආරක්ෂා කරමින් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට පියවර නොගැනීම බව යැයිද උද්ඝෝෂකයෝ පැවසූහ.

උද්ඝෝෂණය පැවති ස්ථානයට බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු ප්‍රධාන පොලිස් නිලධාරීන් පැමිණි අතර එහිදී උද්ඝෝෂකයන් පොලිසිය විවේචනය කරමින් සටන් පාඨ කියමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කළේය. පොලීසියට නීතිය ක්‍රියාත්මක කළ නොහැකිනම් තමන්ට එය කළ හැකි බවද ඔවුන් පවසා සිටියේය.

තමන්ට ප්‍රදේශයේ මත්ද්‍රවය ජාවාරම මැඩලීම සදහා මාස දෙකක කාලයක් ලබා දෙන ලෙස මෙහිදී බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා උද්ඝෝෂණයේ නිරතවූවන්ට පැවසීමෙන් අනතුරුව උද්ඝෝෂණය නවතා දැමූ ඔවුන් විසිර යාමට කටයුතු කළේය.

ප්‍රසාද් ජයමාන්න - හලාවත

මුලතිව් නයාරු ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් හා පැවති විරෝධතාවන්වලින් අනතුරුව මසුන් ඇල්ලීමට පැමිණ සිටි සංචාරක ධීවරයන් සිය ධීවර ආම්පන්න රැගෙන නැවත දකුණු පළාත් වෙත මේ වන විට පිටත්වීම ආරම්භ කොට ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබේ. 

යාපනය දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුදු ගමන් නැවතීම නිසා අද (16) සහ ඊයේ (15) දින ඩෙල්ෆ් දූපතට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් රැගෙන යාමට සිදුව ඇත.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විශ්‍රාම වැටුප් ලබා ගන්නා 188 දෙනකුට මාර්තු මාසයේ ලැබිය යුතු විශ්‍රාම වැටුප අහිමි වී තිබේ.

මුලතිව් නයාරු සෙම්මලෙයි ධීවර වාඩි ඊයේ (13) රාත්‍රියේ ගිනිගෙන විනාශ වී තිබේ. නයාරු සෙම්මලෙයි ධීවරයන් පවසන්නේ මෙම ගින්න ඉබේ හටගත් එකක් නොව යම්කිසි පිරිසක් ගිනි තැබීම නිසා හටගත් එකක් බවයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්වීම සඳහා මාවනැල්ල ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ සභිකයන් දෙදෙනෙකුට ආරාධනා නොලැබීම හේතුවෙන් ඊයේ (12) එහි උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb