ප‍්‍රාදේශිය පුවත් - Lanka News Web (LNW)

මීට මාස තුනකට පමණ පෙර විශාල ජල කදක් දරා සිටි තබ්බෝව ජලාශය මේ වන විට සිදෙමින් තිබෙන බව එහි නිරීක්ෂණය කිරීමේදී දිස්විය.

බදුල්ල කොකෝවත්ත පාරේ වෙළඳසැල් පෙලක ඇති වූ ගින්නකින් වයස අවුරුදු 41ක පුද්ගලයෙක් මියගොස් ඇතැයි බදුල්ල පොලීසිය පවසයි. අද (12) අඅළුයම 1.30ට පමණ මෙම ගින්න හටගෙන තිබූ අතර වෙළඳසැල් පෙලෙහි වාහන අමතර කොටස් අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන දෙකක් මෙසේ ගිනිගෙන විනාශ වී තිබේ.

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් අද (10) සවස මුලතිව් පොලීසියේ අත්අඩංගුවට පත්විය.

අද (09) උදෑසන මිහින්තලයේ පිහිටි රජරට විශ්වවිද්‍යාල භූමියේ ආරක්ෂක වැට බිඳ ඊට ඇතුළු වී නගරය ආසන්නයේ නිවෙස් ඉදිරිපිටින් ගමන් කිරීම නිසා ඒ අවට කලබලකාරී තත්ත්වයක් ඇති විය.

පොදුජන පෙරමුණේ සංවර්ධන වැඩ කටයුතුවලදී මිහින්තලය නාමල්වැව කොට්ඨාසයේ මන්ත්‍රීවරයාට විශේෂ වරප්‍රසාද සභාව විසින් ලබාදී ඇති බව කියමින් එම පක්ෂයේම රුවන්ගම කොට්ඨාසයේ මන්ත්‍රීවරයා නාමල්වැව කොට්ඨාසයේ මන්ත්‍රීවරයාට පරුෂ වචනයෙන් බැන වැදී පහරදීමට උත්සහ කිරීමත් සමග අද  (08) දහවල් පැවති මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සභා කණ්ඩායම් රැස්වීම යුද පිටියක් බවට පත්විය.

පොළොන්නරුව බැඳිවැව වෙළෙඳසලකට ඊයේ (07) අලුයම කඩා වැදුණු වන අලියෙක් එම වෙළෙඳසලේ අලෙවි කිරීම සඳහා ගෙනවිත් තිබූ පාන් පිටි මලු තුනක් එක හුස්මට ගිල දමා පාන් හා බනිස් වර්ගත් බිස්කට් හා කෙසෙල් කැනකුත් සම්පූර්ණයෙන්ම කා දමා වෙළෙඳසලේ තවත් භාණ්ඩ ‍රැසකට හානි කර ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.

රත්නපුර, සුමන බාලිකා විද්‍යාලයේ සිසුවියක උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීම සඳහා යන අවස්ථාවේදී අද (06) අනතුරට ලක්වී තිබේ.

මිහින්තලය මහකනදරා ජලාශය යටතේ හා රඹෑව මහවැව යටතේ බෙත්ම ක්‍රමයට වී වගාවේ නිරත වූ ගොවීන් අක්කර භාගයකට වඩා වගාවන් සිදුකර ඇත්නම් ඊට වී බද්ධක් පැනවීමට ගොවි සංවිධාන බලධාරින් හා ව්‍යාපාර අධිකාරිවරිය ගෙන ඇති අත්තනෝමතික තීරණයට ගොවීහු විශාල පිරිසක් දැඩි අප්‍රසාදය පළ කරති.

ජලය පානය කිරීමට පැමිණි ගවයින්ට වස මිශ්‍රකොට ජලය ලබාදීමෙන් ගවයන් සිව්දෙනෙකු මිය ගොස් තිබේ. එම සිදුවීම වාර්තා වන්නේ වව්නියාව, සෙට්ටිකුලම තට්ටාන්කුලම ප්‍රදේශයේ දී ය. 

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් කුඹුරු අක්කර 1000ක් පමණ මේ වනවිට පුරුක් පණු රෝගය හා කීඩෑ උවදුර ඇතුළු පළිබෝධකයන්ගේ ග්‍රහණයට හසුව විනාශ වී ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb