ප‍්‍රාදේශිය පුවත් - Lanka News Web (LNW)

වසර 40 ක කාලයක් පුරා උතුරේ ජීවත් වන වතු කම්කරු ජනතාවගේ ගැටලු වෙනුවෙන් කිසිදු බලධාරියෙකු මේ වනතුරු මැදිහත් නොවීමත් වතු කම්කරුවන් නොසලකා හරින බව කියමින් අද (25) වව්නියාවේදී විරෝධතා පා ගමනක් සංවිධානය කොට තිබුණි.

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් එක්ව වඳවී යාමේ තර්ජනයකට ලක්ව ආරක්ෂා කළ යුතු වර්ගයේ දිවියෙකු මරා දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවට උතුරේ පරිසරවේදීහු කියා සිටිති.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අක්බාර් පාලමට යටින් බැඳ තිබුණු බඹර වද විස්සකට අධික ප්‍රමාණයක් පැය හයක පමණ කාලයක් තුළදී කපා ඉවත් කිරීම සිදු විය.

කිලිනොච්චිය අම්බාලකුලම් ගම්මානයට කඩාවැදුණු දිවියකු අද (21) උදෑසන වනජීවි නිලධාරියකු ඇතුළු එම ගම්මානයේ පුද්ගලයන් දසදෙනකු පමණ සපා කා ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවන වන සියලුම පෞද්ගලික බස් රථ සහ මාතර සිට සිට කොළඹ බලා ධාවනය වන සියලුම පෞද්ගලික බස් රථ අද (20) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

මාතර නගරයේ සහ නගරය අවට පාසල්වල සිසුන්ගේ පැමිණීම පෙරේදා ඊයේ (19) සහ අද (20) 80% ක් ඉක්මවා තිබූ බව බව එම පාසල්වල විදුහල්පතිවරු පවසති.

කල්පිටිය අර්ධද්වීපයට මායිම්ව පිහිටා ඇති බත්තලංගුණ්ඩුව දූපතේ ජීවත් වන ධීවර ජනතාවට පානීය ජලය නොමැතිකමින් තමන් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා ඇති ඔවුහු පවසති.

කුඹුරු ඉඩම් ගොඩ කිරීම රජය විසින් තහනම් කර තිබියදීත් ගලෙන්බිදුණුවැව ගොවි ජනපදයේ කුඹුරු ඉඩම් ගොඩකරමින් වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා බවට ගොවීන් චෝදනා කරයි. මේ හේතුවෙන් අනෙකුත් ගොවීන්ටද සිය ජීවන වෘත්තිය වන කුඹුරු ගොවිතැන මුළුමනින්ම අතහැර ඉඩම් ගොඩකර විකුණා දැමීමට සිදු වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

තැපැල් සේවක ගැටලු සඳහා වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් දීපව්‍යාප්තව වැඩ වර්ජනයක් සිදු කළද අද (12 ) දින කිසිදු වෘත්තීය සමිති බේදයකින් තොරව ජනතාවට තම සේවාව ලබා දීමට අම්බලන්තොට තැපැල් කාර්යාලයේ සේවකයන් සහ නිලධාරීන් කටයුතු කරන ආකාරයක් දකින්නට ලැබුණි.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb