අධිකරණ නියෝග නොතකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙක්සිකෝ යයි

අධිකරණ නියෝග නොතකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙක්සිකෝ යයි

10 September 2018 05:50 am

අද පාන්දර 3.33ට කටාර් එයාවේස් ගුවන් යානාවෙන් VIP විශේෂ පර්යන්තයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා දෝහා කටාර් හරහා මෙක්සිකෝව බලා පිටත් වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

ඔහුගේ ගමනාන්තය මෙක්සිකෝව වන අතර, එසේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයා මෙක්සිකෝව බලා පිටත්ව ගොස් ඇත්තේ මෙක්සිකෝ නිදහස් දින සමරුවේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතවරයා වශයෙන් ජනාධිපතිතුමා ව නියෝජනය කිරීම සඳහා යැයි පැවසේ.

කෙසේ වෙතත් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා තමා නීතිය ඉදිරියේ සමානයෙක් නොවන බව මේ වන විට ක්‍රියාවෙන්ම ඔප්පු කර දක්වා ඇත.

පෙර ලිපිය:

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හෙට රහස් පොලිසියට