සාකච්ඡාවේ දෙවන වටය ඇරඹීමට එස්.බී. සැරසෙයි

සාකච්ඡාවේ දෙවන වටය ඇරඹීමට එස්.බී. සැරසෙයි

9 October 2018 07:14 am

ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවක් ඇති කරගැනීමට පසුගිය බදාදා පැවති සාකච්ඡාවෙහි දෙවන වටය ආරම්භ කිරීමට හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

 

ඊයේ (08) දිනයේ මාධ්‍ය ආයතන වෙත නිවේදනයක් නිකුත් කරමින් එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් තමන්ගේ නිවසේදී නොපැවැත්වුණු බවත් ඒ පිළිබඳව මාධ්‍ය හරහා පළවූ පුවත් අසත්‍ය බවත් ය.

එහෙත් ඇඟට පතට නොදැනී පණ පිහිටුවා බොරු කීමට ලංකාවේ සිටින අංක එකේ පුද්ගලයා එස්.බී. දිසානායක බව ඔහුගේ දේශපාලන ඉතිහාසය දන්නා ඕනෑම කෙනෙකුට වැටහෙන සරල කරුණකි.

ඔහු එසේ ජනමාධ්‍ය වෙත අසත්‍ය නිවේදන නිකුත් කරමින් ම එකී සාකච්ඡාවේ දෙවන වටයේ කටයුතු ආරම්භ කර තිබේ.

ඒ සඳහා එස්.බී. දිසානායක මහතා නැවතත් මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති අතර එහිදී ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බව මහින්ද රාපක්ෂ මහතා නැවතත් අවධාරණය කර තිබේ. "මෛත්‍රීව කොහෙත් ම විස්වාස කරන්න බෑ. මිනිහා ලණු දෙන්නේ. අපි ආයෙත් ඕකට පැටලෙන්න ඕනෙ නෑ. එයත් දේශපාලනෙන් තෙම්පරාදු වෙලා තමයි ඇත්තේ, ඒත් මං ඊට වඩා තෙම්පරාදු වෙලයි ඉන්නේ. ඒ නිසා හරියට වචනයක් නැතුව වැඩ කරන්න බෑ" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් එස්.බී. ඇතුළු මෛත්‍රී - මහින්ද හවුලක් වෙනුවෙන් ක්‍රියාත්මක වන පිරිස් මේ වන විටත් විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාල හරහා නොයෙකුත් දූෂමාන ආරංචි පැතිරවීමට පටන් ගෙන තිබේ. ජාතික ආණ්ඩුව කඩා වැටෙන බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හදිසියේ දිවයිනට පැමිණ වැති බවටත් වශයෙන් බරපතළ දේශපාලන කැළඹීමක් හටගෙන ඇතැයි ඒත්තු ගන්වන ආකාරයට ඔවුන් විසින් පුවත් නිර්මාණය කෙරෙමින් ඇත. එහෙත් අග්‍රාමාත්‍යවරයා එසේ හදිසියේ දිවයිනට පැමිණ නොමැති අතර ඔහු පැමිණීමට නියමිත හෙට දිනයේ ය.