රනිල්ගෙන් ලියුම අරන් එන්න පැයෙන් වැඩේ කරනවා

රනිල්ගෙන් ලියුම අරන් එන්න පැයෙන් වැඩේ කරනවා

9 October 2018 05:07 pm

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමත ලිපියක් රැගෙන එන්නේ නම් අමාත්‍යධූරයක් ලබා දීමේ කිසිදු ගැටළුවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

 එම අවශ්‍යතාව සපුරන්නේ නම් දවසෙන් නොව පැයක් ඇතුළත යළි අමාත්‍යධූරයක දිවුරුම් දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

රවී කරුණානායක මහතාව පසුගිය දිනෙක ජනාධිපතිවරයා පෞද්ගලික මට්ටමෙන් හමුවූ අවස්ථාවක මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය කාලය පුරාම මේ සම්බන්ධයෙන් පූවත් පළවූ වූ නමුදු දිගින් දිගටම රවී කරුණානායක මහතාට එම අවස්ථාව හිමි වූයේ නැත.

පසුගිය කැබිනට් සංශෝධනයේදීද රවී කරුණානායක මහතාට අමාත්‍යධූරයක් හිමි වන බවට වාර්තා පළවුවද එම සියලුම අවස්ථා ගිලිහී තිබුණි.

මෙම කාරණය පිළිබඳ ජනාධිපතිවරයා රවී කරුණානායක මහතාට පවසා ඇත්තේ කරුණානායක මහතාට යළි අමාත්‍යධූරයක් ලබා දීමේ තමන්ට කිසිදු ප්‍රශ්නයක් හෝ විරුද්ධතාවයක් නොමැති බවයි.

රවී කරුණානායක මහතාට ප්‍රශ්නයක්ව පැවති මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන් බවට වන චෝදනාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති පරීක්ෂණයට අදාළ ව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එම සිද්ධියේ සැකකරුවකු ලෙස මෙම අවස්ථාවේ නම් කිරීම නීත්‍යානුකූල නොවන බවද දැන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීන්දු කර තිබේ.

මෙවැනි තත්ත්වයක් තුළ තමන්ට දැන් හෝ සාධාරණය ඉටුවිය යුතු බවට රවී කරුණානායක මහතාද ප්‍රකාශ කළේය.

මේ අතර ඔහුට අසාධාරණයක් සිදුව ඇති බවට එජාපයේ බහුතරයක් පිළිගෙන තිබෙන අතර එය ප්‍රසිද්ධ වේදිකාවේද කියැවුණි.

එහෙත් තවදුරටත් රවී කරුණානායක මහතාව නොසලකා හැර තිබීම එජාපය තුළද බරපතල ලෙස සාකච්ජාවට ගැනෙමින් තිබේ.

වාර්තාවන පරිදි රවී කරුණානායක මහතා තවදුරටත් පැත්තකට කර තිබීමට හිටපු ජනාධිපතිවරයෙකුගේ හා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරු කිහිපදෙනෙකු බලපෑම් හේතු වී ඇති බව සඳහන්.