මම ජනාධිපතිගෙන් පළිගන්නේ නැහැ - රනිල් - Lanka News Web (LNW)

මම ජනාධිපතිගෙන් පළිගන්නේ නැහැ - රනිල්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සැක බිය දුරු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වෙත පණිවිඩයක් යවා තිබේ. එනම් තමන් කිසිදිනෙක ජනාධිපතිවරයාගෙන් පළිගැනීමක් නොකරන බවයි.

 

අද උදෑසන දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් ඇතුළු කණ්ඩායම හා ජනාධිපතිවරයා අතර පැවති හමුවේ සාකච්ජාවට ගැනුණු ප්‍රධාන කාරණා පිළිබඳ මනෝ ගනේෂන් මහතා ප්‍රසිද්ධ කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා එලෙස ජනාධිපතිවරයා වෙත පණිවිඩයක් යැවීමට කටයුතු කර ඇති බව සඳහන්.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ කණ්ඩායම සමඟ ජනාධිපතිවරයා කියා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත විශ්වාසභංගයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කෙනෙක් අගමැතිවරයා ලෙස පත්කරගන්නා ලෙසයි.

තමන්ට තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කළ නොහැකි බව ජනාධිපතිවරයා කියා තිබේ.

මෙම කාරණා සම්බන්ධයෙන් මනෝ ගනේෂන් මහතා මාධ්‍යයට කරුණු දැක්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ඔහුව කැඳවා තිබේ.

ඒ අනුව වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන් කිසිලෙසකින්වත් ජනාධිපතිවරයාගෙන් හෝ එම කණ්ඩායමෙන් පළිනොගන්නා බවයි. තමන් නියෝජනය කරන මහත්මා දේශපාලනය තුළ පළිගැනීම අන්තර්ගත නොවන බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් බියක් ඇති කර නොගන්නා ලෙස ජනාධිපතිවරයාට පණිවිඩය ලබාදෙන්නැයි මනෝ ගනේෂන් මහතාට උපදෙස් දී තිබේ.

එක වැරැද්දක් කර එම වැරැද්ද වසා ගැනීමට තවත් වැරදි ගොන්නක් සිදු නොකර සිදුවූ වැරදි අමතක කර යළි එක්ව කටයුතු කිරීමට තමන් ආරාධනා කරන බවද වික්‍රමසිංහ මහතා පවසා ඇත.

නමුත් මතුව තිබෙන මෙම දේශපාලන අර්බුදය කෙසේ විසඳේදැයි යන්න තාමත් නිශ්චිතව කිව නොහැකිය.

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...