අනුන්ගේ වැඩවලට උප්පැන්න ලියන රංගජීව සහ කමල් සිල්වා

අනුන්ගේ වැඩවලට උප්පැන්න ලියන රංගජීව සහ කමල් සිල්වා

24 December 2018 08:16 am

කිලෝග්‍රෑම් 231කට අධික බරකින් සහ රුපියල් මිලියන 2700කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත් අඩංගුවට ගත්තේ පසුගිය දෙසැම්බර් 06 වනදා ය. එදින අළුයම බේරුවල ආසන්න මුහුදේදී අත් අඩංගුවට ගත් මෙම හෙරොයින් තොගය මෙරටදී සොයාගත් දෙවන විශාලතම හෙරොයින් තොගය වෙයි.

 

මෙම මත්කුඩු තොගය ද අත් අඩංගුවට ගත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ එම කාර්යාංශය භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා බවට සාවද්‍ය පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පතුරුවා හරිමින් තිබේ. මෙය, අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීමට ඉදිරිපත් වීමකි.

DIG කමල් සිල්වා මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් පොලිස් මූලස්ථානය වෙත මාරු කර යවා ඇත්තේ මාස දෙකකටත් පෙරය. රංගජීව යනු කමල් සිල්වාගේ පුරෝහිතයා බව නම් ඇත්තකි. එහෙත් බේරුවල මත්කුඩු වැටළීම කළේ මේ දෙදෙනා නොවේ.

මෙම මත්කුඩු වැටළීම කළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව ප්‍රධානී DIG සංජීව මැද්දෙවත්තගේ මෙහෙයවීම යටතේ සුබෝධ නම් පොලිස් පරීක්ෂකවරයකු විසිනි. එහෙත් රංගජීව ලෝලීන් පෙන්වීමට උත්සාහ දරන්නේ මෙයත් රංගජීවගේ වැඩක් බවය. දැන් ෆේස්බුක් වීරයෙක් වී ලොරි ටෝක් බෙදමින් සිටින රංගජීව ද මෙය නිවැරදි කරන්නේ නැත.

සැබැවින්ම සිදුව ඇත්තේ මත්කුඩු තොගය අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව DIG කමල් සිල්වා සහ රංගජීව එතැනට රිංගා ගැනීමය. එතැන සිට ෆොටෝ ෂූට් කිරීමය. ඇත්තට ම වැඩේ කළ මිනිසුන් පැත්තකය. මාරු කර යවා තිබියදීත් ගෙයි ගෙම්බන් මෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ම රිංගන රංගජීව සහ කමල් එම කාර්යාංශයට ද කරදරයක් වී තිබේ. ෆේස්බුක් වීරයින්ගේ ඇත්තම තත්වය ඕකය.

මෙකී DIG කමල් සිල්වා සහ රංගජීව දෙදෙනා එකතුව මීගමුව ප්‍රදේශයේ හෝටලයක් ද ඉදිකර තිබේ. ඒ පිළිබඳ සියලු තොරතුරු උපාලි පුවත්පත් සමාගමේ සේවය කරන මාධ්‍යවේදියකු සතුව ඇතත් ඒවා පළ කිරීමට ඔහු සේවය කරන පුවත්පතෙන් ඉඩ ලැබෙන්නේ නැත.

වැඩි විස්තර ළඟදීම බලාපොරොත්තු වන්න ......

රංගජීව ලෝලීන් විසින් ප්‍රචාරය කරන සාවද්‍ය පුවත පහත දැක්වේ.

rangajeewa poster