ජනපති ශ්‍රීලනිප මූලස්ථානය වසා දමයි !!

ජනපති ශ්‍රීලනිප මූලස්ථානය වසා දමයි !!

26 December 2018 07:50 am

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබේ.

 

ජනාධිපතිවරයා මේ වනවිට සිය පවුලේ සාමාජිකයින් සමඟ තායිලන්තයේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටී. ඒ මහතා නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 30 වනදාය.

ජනාධිපතිවරයාගේ මෙම තීරණයට හේතුවී ඇත්තේ ශ්‍රීලනිපය තුළ මතුව ඇති අභ්‍යන්තර කැරැල්ල බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත කරවීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් දැඩි විරෝධය පළ කර ඇති අතර එය ජනාධිපතිවරයාගේ කෝපයට හේතුවී තිබේ.

පසුගියදා පැවති ශ්‍රීලනිප ආසන සංවිධායක රැස්වීමේදී මෙම අර්බුදය උග්‍ර මට්ටමට පැමිණි අතර ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ආසන සංවිධායකයින්ගෙන් ගුටිකන මට්ටම දක්වා එය දුරදිග ගිය බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN