මෛත්‍රී - රනිල් විරසකය: අමාත්‍යාංශ විෂය පථ ගැසට් කර ඇත්තේ ජනපතිගේ අභිමතයට! - Lanka News Web (LNW)

මෛත්‍රී - රනිල් විරසකය: අමාත්‍යාංශ විෂය පථ ගැසට් කර ඇත්තේ ජනපතිගේ අභිමතයට!

අමාත්‍ය මණ්ඩලයෙහි අමාත්‍යවරුන් හා අමාත්‍යාංශ සංඛ්‍යාව,අමාත්‍යවරුන්ට විෂයන් හා කාර්යන් සහ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන පැවරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.

 

එහෙත් එහි ආයතන වෙන් කිරීමේදී ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබුණි. විශේෂයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ශ්‍රී ලංකා ගුවන් සමාගම කිසිදු අමාත්‍යාංශයකට යටත් නොවීම එහි කැපී පෙනුණි.

එමෙන්ම රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයට සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයටද ආයතන වෙන් කිරීමේදී බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් දැන් මතුව තිබේ.

කෙසේවෙතත් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් ලංකා නිවුස් වෙබ් වෙත වාර්තා වූ පරිදි අමාත්‍යාංශවලට අදාළ ආයතන සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ පූර්ව දැනුවත්වීමක් සිදුව නැත.

ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක් සඳහා තායිලන්තයට ගොස් සිටින අතර ඔහු නැවත පැමිණීමට නියමිතව ඇත්තේ හෙට (30) දිනයේදීය. ඒ අනුව ආමාත්‍යාංශවලට අදාළ ආයතන සම්බන්ධ ගැසට් නිවේදනය ඉන් පසු නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවට පූර්ව දැනුම්දීමක් කර තිබුණි. එහෙත් ඒ සියල්ල වෙනස්කරමින් අද දිනයේදී එම ගැසට් නිවේදනය කිකුත් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.

 අමාත්‍යාංශවලට අදාළව එක්සත් ජාතික පෙරමුණ විසින් සකස් කරන ලද ආයතන ලැයිස්තුව ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතව තිබුණේ එළඹෙන 31 වැනිදාය. කෙසේවෙතත් අද නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ සඳහන් ආයතන සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන්ට පූර්ව දැනුවත්භාවයක් තිබී නැත. ඒ අනුව අද දිනයේදී නිකුත්‍ කර ඇත්තේ අදාළ අමාත්‍යාංශ සඳහා ජනාධිපතිවරයා විසින් වෙන් කරන ලද ආයතන පටිපාටියයි.

අමාත්‍යාංශවලට අදාළ ආයතන වෙන් කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ දිනයේදී ද සාකච්ජා කර ඇති අතර රාජ්‍ය බැංකු කිරිඇල්ල මහතා යටතට පත්කිරීමට තීන්දු වී තිබේ. ඒ අනුව රාජ්‍ය බැංකුවල සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ද දෙදෙනා සාකච්ජා කර ඇත. ඊයේ දිනයේදී එවන් තත්ත්වයක පැවතියද අද උදෑසන වන විට බලාපොරොත්තු නොවූ ආකාරයට අදාළ ගැසට් නිවේදනය නිකුත් විය.

කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මෙම ක්‍රියාව එක්සත් ජාතික පෙරමුණේ දැඩි විවේචනයට ලක්ව තිබේ. එහෙත් ඉවසීමෙන් යුතුව ඉදිරියේදී මේ සඳහා මුහුණ දිය යුතු බව එජාප ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනා දැනුවත් කර ඇති සඳහන්.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...