සාගලගේ නියෝගයෙන් ගෝලයන්ගේ කල්ල මරේ!

සාගලගේ නියෝගයෙන් ගෝලයන්ගේ කල්ල මරේ!

1 January 2019 01:22 pm

දේශපාලන අර්බුදයට මුවාවෙමින් පසුගිය දින 54ක පමණ කාලය තුළ පොහොට්ටුවේ ඇතැම් දේශපාලන නියෝජිතයින් බලය යොදාගනිමින් සිය සිතැඟි පරිදි හැසිරී තිබුණි. මාතර මිරිස්ස සංචාරක කලාප යෙන්ද එවැනි පුවතක් ලංකා නිවුස් වෙබ් වෙත වාර්තා විය.

 පසුගිය දේශපාලන අර්බුදය හමුවේ ඇතැමුන් වල ඉහකෙන කෑමට පටන් ගෙන තිබුණේ ඉවක් බවක් නොමැතිවය. කාංචන විජේසේකර ඇතුළු කිහිපදෙනෙක් මිරිස්ස සංචාරක කලාපයෙන් කප්පම් ගැනීම ආරම්භ කර තිබුණු බව සඳහන්. සිය දේශපාලන බලහත්කාරය යොදවා සංචාරක කලාපයේ ව්‍යාපාරිකයින්ගෙන් ඔවුන් කප්පම් එකතු කිරීම අරඹා ඇත.

කෙසේවෙතත් මේ සමබන්ධයෙන් දැනුවත් වී ඇති සාගල රත්නායක මහතා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ බලතලවලට අනුව එම සංචාරක කලාපය වෙත ගොස් පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති අතර කප්පම්කරුවන්ගේ ග්‍රහණයට නතු නොවී අවහිරයකින් තොරව කටයුතු කර ගෙන යාමට නියෝග කර තිබේ.

එහෙත් තත්ත්වය යහපත් අතට හැරී නැත. සාගල රත්නායක මහතා කප්පම් කල්ලියට එරෙහි වුවත් සාගල රත්නායක මහතාගේ ගෝලබාලයින් පොහොට්ටුවෙන් ආරම්භ කර දුන් ව්‍යාපරය අඛණ්ඩව ගෙන යාමට වගබලා ගෙන ඇත.

ඒ අනුව දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව ඇතුළු ඔහුගේ හිතවතුන් පොහොට්ටුවෙන් ආරම්හ කළ කප්පම් ගැනීම නඩත්තු කිරීමට පටන් ගෙන තිබේ. ගයාන් සංජීවගේ ලේකම්වරයා සංචාරක කලාපයේ ව්‍යාපාරිකයින්ට අවධාරණය කර ඇත්තේ ගයාන් සංජීවගේ පදනමට මසකට රු. 75,000 බැගින් දැමීමට කටයුතු කරන ලෙසයි.

පෙරළා ඔවුන්ට ප්‍රතිචාර ලැබී ඇත්තේ හැත්තෑපන් දහසක් නොව ලක්ෂයක් වුවත් ලබා දීමට හැකියාව ඇති බවත් ඉදිරියේදී අවහිරයකින් තොරව සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට ඉඩ ලබා දෙන ලෙසයි.

ඒ අනුව කප්පම් ගැනීම වැලැක්වීමට සාගල රත්නායක මහතා උපදෙස් දී ඇති මුත් ඔහුගේ ගෝලබාලයන් එයා මායිම් නොකර ඇති තත්ත්වයකට දැන් පත්ව තිබේ.