නාමල් කුමාරගේ දුරකථනයේ පොලිස්පතිගේත් හඬපට ?

නාමල් කුමාරගේ දුරකථනයේ පොලිස්පතිගේත් හඬපට ?

4 January 2019 07:40 am

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව හෙළිකළ නාමල් කුමාර නමැත්තාගේ ජංගම දුරකථනයේ සටහන් වූ හඬපට විශ්ලේෂණය කිරීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ කටහඬ සාම්පලයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (04) අධිකරණයෙන් අවසර ලබාගෙන තිබේ.

 

නාමල් කුමාර නමැත්තාගේ ජංගම දුරකථනයෙන් මකා දමා තිබුණු හඬපට ප්‍රතිස්ථාපනය කරගැනීම සඳහා එම දුරකථනය හොංකොං දේශයට යවා ගෙන්වා ගත් අතර එසේ ලබාගත් හඬපට ඔස්සේ විමර්ශන පැවැත්වේ.

එසේ විමර්ශන පවත්වන නිලධාරීන් විසින් පොලිස්පතිවරයාගේ කටහඬ සාම්පලයක් ලබාගැනීම සඳහා අද දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර මහේස්ත්‍රාත්වරයා විසින් ඊට අවසර ලබාදී ඇත.

මේ අනුව පෙනී යන්නේ නාමල් කුමාරගේ දුරකථනයෙහි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ බවට සැක කෙරෙන හඬපට ද අඩංගු වී ඇති බවයි.

RN