පාර්ලිමේන්තු චණ්ඩි තෙවන වතාවටත් CIDය මඟහරී - Lanka News Web (LNW)

පාර්ලිමේන්තු චණ්ඩි තෙවන වතාවටත් CIDය මඟහරී

පසුගිය නොවැම්බර් 14,15,16 යන දිනවල පාර්ලිමේන්තු සභා ගර්භය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් මහජන දේපළවලට හානි කිරීම සහ මන්ත්‍රීවරුන්ටත් පොලිස් නිලධාරීන්ටත් පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු අද (05) දිනයේත් එය මඟහැර ඇතැයි වාර්තා වේ.

 

ප්‍රසන්න රණවීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මෙම මන්ත්‍රීවරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ තුන්වන වතාවටය. ඔවුන් ඒ තුන් වතාවේදීම එය මඟහැර තිබේ.

මේ පිළිබඳව විමසීමේදී ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ අද අයවැය ලේඛනය ඉදිරිපත් කෙරෙන නිසා CIDය වෙත නොගිය බවකි. අයවැය ඉදිරිපත් කරන්නේ ප්‍රසන්න රණවීර විසින් නොව මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් වන අතර එයත් පස්වරුවේය. මන්ත්‍රීවරුන් CIDයට කැඳවා තිබුණේ පෙරවරුවේය.

මෙම පාර්ලිමේන්තු ගැටුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කථානායක කරූ ජයසූරිය මහතාගේ ද අනුමැතිය හිමිව තිබේ.

මන්ත්‍රීවරුන් ප්‍රකාශ ලබා නොදී මෙසේ දිගින් දිගටම මඟ හරින්නේ නම් එකම විකල්පය ලෙස ඉතිරි වනු ඇත්තේ ඔවුන් සිටිනා තැනක් සොයාගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒම බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

නවතම පුවත්

මැයි 23, 2019

ඉදිරි දෙවසර තුළ ආගම් සහ ජාතීන් පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක්

ආගම් සහ ජාතීන් පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි දෙවසර තුළ මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කළ…

මැයි 23, 2019

තඹ කම්හලේ සේවකයින්ට නොතීසි. වැල්ලම්පිටිය OICට ගාල්ලට මාරුවක්.

පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියකුට අයත් වැල්ලම්පිටිය තඹ…

මැයි 23, 2019

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකවරයකු ලෙස කිසිදු මවුලවිවරයකු පත් කරගෙන නොමැති බැවින් ත්‍රස්තවාදී ප්‍රහාර…

මැයි 23, 2019

විශ්වාස භංගයට ඉඩ නොදුන්නොත් පාර්ලිමේන්තුව ඉවරයි - පොහොට්ටුවෙන් තර්ජන

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා ඉදිරි දින…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb