RMV ජගත් බේරගන්න රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ පෙරට

RMV ජගත් බේරගන්න රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ පෙරට

2 April 2019 11:22 am

මෝටර් රථ ප්‍රවහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි එම තනතුරින් ඉවත් කිරීමට ප්‍රවාහන රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ දැඩි විරෝධය පළකර තිබේ.

පසුගිය කාලයේ අශෝක අබේසිංහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වරයාගේ දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් දිගින් දිගටම විශාල හඬක් නැගූ අතර ඇමතිවරයාගේ වාහනයක ප්‍රශ්නයක් නිරාකරණය කරගන්නටද අල්ලස් මුදලක් ලබාදීමට සිදුවීම ඊට හේතුවී තිබිණි.

එසේම කොමසාරිස්වරයා සහ හිටපු කැබිනට් ඇමතිවරයා අතර තිබු සමීප සම්බන්ධතාවය නිසා කොමසාරිස්වරයා විසින් රාජ්‍ය ඇමතිවරයා නොසලකා හැරීමද ඊට හේතු වී තිබිණි. මෙම ගැටුම සමනය කිරීමට වාසනා ට්‍රේඩර්ස් අධිපති සම්පත් මෙරින්චිගේ මැදිහත් වූ අතර ඒ සඳහා මුලින්ම ලක්ෂ පණහක මුදලක් ඔහු විසින් ලබා දෙන ලදී.

ඉන්පසුව මාසිකව රුපියල් ලක්ෂ දහයක් ලබාදීමට කොමසාරිස්වරයා කටයුතු කළ අතර ඒ අනුව ඒ ඒ අංශවලින් නියෝජ්‍ය ඇමතිවරයා සඳහා දිනපතා මුදල් එකතුකර මාසිකව ඔහුට ලබාදෙන ලදී. දැනට මතුව ඇති තත්වය යටතේ කොමසාරිස් ජනරාල්වරයා මාරු කළ විට තමන්ට මාසිකව ලැබෙන මුදල අහිමි වන බැවින් නියෝජ්‍ය ඇමතිවරයා මේ මාරු කිරීමට විරෝධය පළකර තිබේ.
කෙසේ වෙතත් කොමසාරිස් ජනරාල්වරයාට එරෙහිව පාර්ලිමේන්තුවේදී නැගුණු චෝදනා හේතුවෙන් ඔහු වහාම මාරු කළයුතු බවට අර්ජුන රණතුංග ඇමතිවරයා දැඩි ස්ථාවරයක සිටියි.

පෙර ලිපිය -
RMV ජගත් ගේ මාරුව අවලංගු කරන්න ‘වාසනා‘ ඉන්දික රටපුරා යයි