බැඳුම්කර වංචාව ; ජෙෆ්‍රි ඇලෝශියස් ඇතුළු පස් දෙනාට ඇප

බැඳුම්කර වංචාව ; ජෙෆ්‍රි ඇලෝශියස් ඇතුළු පස් දෙනාට ඇප

5 April 2019 11:39 am

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්‍රි ඇලෝශියස් මහතා ඇතුළු පස් දෙනා ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියම කළේය.

 

ඒ, එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

සැකකරුවන්ගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සලකා බැලූ අධිකරණය ජෙෆ්‍රි ඇලෝශියස් සහ මහබැංකු හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි යන අය රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමටයි නියෝග කළේ.

සෙසු සැකකරුවන් වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රංජන් හුළුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ පුෂ්පමිත්‍ර ගුණවර්ධන යන අය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස ද නියෝග කෙරිණි.

සියළුම සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කෙරුණු අතර පැමිණිල්ල යළි අප්‍රේල් 30 වනදා කැඳවීමට නියමිතය.

RN