තනතුර බේරාගන්න RMV ජගත් ගුරුකම් යාග හෝම පස්සේ යයි

තනතුර බේරාගන්න RMV ජගත් ගුරුකම් යාග හෝම පස්සේ යයි

9 April 2019 06:01 am

බරපතල දුෂණ චෝදනා වලට ලක්ව සිටින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි තම තනතුර බේරා ගැනීම සඳහා මේ වන විට රටපුරා ප්‍රධාන පන්සල් , කෝවිල් හා දේවාල වලට යමින් විවිධ පුද පුජා පවත්වමින් සිටී.

මීට අමතරව මොහු මේවන විට විවිධ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා යාග හෝම සඳහාද දිනපතා රුපියල් ලක්ෂ ගණනින් වියදම් කරමින් සිටින අතර ඔහුගේ අංගොඩ ප්‍රදේශයේ නිවසේ සහ කුරුණෑගල ප්‍රදේශයේ ඔහුට අයත් සුපිරි හෝටලයේ මෙම පුද පූජා , යාග හෝම පැවැත්වෙන බව සඳහන්ය.

මීට අමතරව මොහුට අයත් බොරැල්ල ප්‍රදේශයේ හෝටලයකද ඇතැම් යාග හෝම පැවැත්වේ. මේවා සඳහා ඔහුගේ සහචරයන් වන දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධාන නිලධාරීන්ද සහභාගී වෙමින් සිටිති. මීට අමතරව ඔහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණෙද්දී ඔහු කලින් සේවය කල රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් මෙම දෙපාර්තමේන්තුවට මාරුවීම් ලබාදී රැගෙන ආ සේවක පිරිස්ද මේවාට සහභාගී වී සිටිති.

මේ දිනවල දෙපාර්තමේන්තුවේ ඔහුට සමීපතමයන් සමග මොහු නිතරම වරින් වර සාකච්චා පවත්වන අතර එහිදී ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුවේ එල්ලවූ කාරණා සම්බන්ධයෙන් මෝටර් රථ පරීක්ෂකවරුන්හට දැඩි අසභ්‍ය වචනවලින් බැනවදිමින් සිටින බව සඳහන්ය.

මේ අතර ඔහු විසින්ම මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ස්ථානවලට පත් කරන ලද උපුල් , ජයවර්ධන සහ විජේනායක ඇතුළු ඇතැම් නිලධාරීන් තම තනතුරු බේරා ගැනීම සඳහා මේ වන ප්‍රවාහන අමාත්‍යංශයට හා බාහිර පාර්ශව වලට තොරතුරු සපයමින් සිටිති. මීට පෙර සිටි කොමසාරිස් වරුන් සම්බන්ධයෙන්ද මෙම පිරිස මේ අකාරයටම කටයුතු කළ අතර දෙපාර්තමේන්තුවේ සිටින දුෂිතම නිලධාරීන් ලෙසද මේ තුන් කට්ටුව හැඳින්වේ.

පෙර ලිපි-

RMV ජගත් ගේ මාරුව අවලංගු කරන්න ‘වාසනා‘ ඉන්දික රටපුරා යයි

RMV ජගත් බේරගන්න රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ පෙරට

දුෂණ වහගන්න ආර්.එම්.වී.ජගත් - තුෂාර සමග ලිපිගොනු වනසයි