අඩියක් ගහන්න රුපියල් ලක්ෂ හතක් වියදම් කරන - යහපාලන රාජ්‍ය සංස්ථා සභාපති

අඩියක් ගහන්න රුපියල් ලක්ෂ හතක් වියදම් කරන - යහපාලන රාජ්‍ය සංස්ථා සභාපති

10 April 2019 08:13 am

යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර කිසිම දෙයක් නොතිබුණු රාජ්‍ය සංස්ථාවක සභාපතිවරයෙකු වසර 4 ක් ඇතුළත බිලියනපතියෙකු බවට පත්ව ඇති අතර, මේ දිනවල ඔහු සුවපහසු දිවියක ගිලෙමින් සිටියි.

මෙම රාජ්‍ය සංස්ථා සභාපතිවරයා මේ තත්වයට පත්වූයේ යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ උදව්වෙනි. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ සමයේදී මේ තැනැත්තා බොඩිගාඩ් වැඩකට වඩා වැඩි යමක් කළේ නැති තරම් ය.

කෙසේ නමුත් පසුගියදා මේ රාජ්‍ය සංස්ථා සභාපතිවරයා එක්තරා සුපිරි වෙළඳසැල් ජාලයක් වෙත ගොස් අත්පිට මුදලින් 735,000 ක මුදලක් නොමසුරුව වියදම් කළේ ඇසිපිය ගසන පමාවෙනි. එසේ කළේ සිය ගජ මිතුරු ඇමතිවරයා මධු විතෙන් පිනවීම සඳහා ය.

ආදායම් බදු දෙපාර්තමේන්තුවට මේවා පෙනෙන්නේම නැතිද?

මහජන මුදලින් පිනුම් ගසන මේ රාජ්‍ය සංස්ථා සභාපතිවරයාගේ නම නොබෝ දිනකින්ම හෙළිකිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

පහත දැක්වෙන්නේ අමාත්‍යවරයා පිනවීම සඳහා රාජ්‍ය සංස්ථා සභාපතිවරයා වියදම් කළ ආකාරය දැක්වෙන බිල්පතයි.