FCIDයේ ඉහළ පුටු මාරුවක් - Lanka News Web (LNW)

FCIDයේ ඉහළ පුටු මාරුවක්

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ (FCID) ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරු ලබාදීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

FCIDය මඟින් විමර්ශනය කෙරෙන මූල්‍ය වංචාවලට අදාළ චූදිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වීම මත ඔවුන් මාරු කර යැවීමට සිදුව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා FCID ප්‍රධානියා ලෙස පත්වීමෙන් අනතුරුව එතෙක් එම ආයතනය සමඟ ඩීල් දමමින් සිටි බොහෝ පාර්ශ්ව මහත් කලබලයට පත්ව තිබිණි. ඒ, රවී සෙනවිරත්න යනු පොලිසිය තුළ සිටින ඩීල් දැමිය නොහැකි අවංක නිලධාරියකු බව සියල්ලන්ම දන්නා නිසාය. ඔවුන්, තමන් සමඟ පෙරසිට සම්බන්ධතා පැවැත් වූ FCID ඉහළ නිලධාරීන් අමතා මේ පිළිබඳව විමසීමේදී අදාළ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ "ලොක්කො මාරු වුණාට අපිනෙ පරීක්ෂණ කරන්නෙ. අපි වැඩේ බලාගන්නම්" යනුවෙනි.

මේවා හෙළිදරව් වීමෙන් අනතුරුව අදාළ නිලධාරීන් වෙනත් අංශ කරා මාරු කර යැවීමට බලධාරීන් තීරණය කර ඇත.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

සජිත්ගේ ළදරු ක්‍රියාකාරකම් ගැන අගමැති බලවත් අප්‍රසාදයෙන්

අප්‍රේල් 13, 2019

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර්...

යුද්ධය දරුණු වෙද්දී ගෝ‍ඨා හමුදාව අතැර රට ගියේ බිරිඳගේ බලපෑම නිසා

අප්‍රේල් 12, 2019

1990 ජුනි දෙවැනි ඊළාම් යුද්ධය පටන් ගත් පසු, යුද ගැටුම්...

"සජිත්ට අපි උදව් කළ යුතුයි" - ජනාධිපතිගේ අවුරුදු පැතුම

අප්‍රේල් 15, 2019

සිංහල දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දේශපාලනයේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති...