එජාප අගමැති අපේක්ෂක රාජිත! - Lanka News Web (LNW)

එජාප අගමැති අපේක්ෂක රාජිත!

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ මහතාටත් අගමැති ධුර අපේක්ෂකත්වය රාජිත සේනාරත්න මහතාටත් ලබාදී මැතිවරණ ව්‍යාපාරය වහාම ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් ගණනාවක් එජාප නායකත්වයට දැනුම්දී තිබේ.

 

මෙවර මෙන්ම ආණ්ඩුව මුහුණ දුන් සෑම අසීරු අවස්ථාවකදීම ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියේ රාජිත සේනාරත්න ඇමතිවරයා පමණක් බව මෙම පිරිස පෙන්වා දී ඇත.

එසේම දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල සංවර්ධනයක් ඔහු විසින් සිදුකර ඇතැයිද ආණ්ඩුවේ සාර්ථක වැඩපිළිවෙලක් ලෙස පෙන්වා දිය හැකි එකම වැඩපිළිවෙල එය බවද ඔවුන් පෙන්වා දී ඇත.

රටේ පවතින තත්ත්වය බැරෑරුම් හෙයින් වහාම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ නොකළහොත් එය පක්ෂයට ඉතාම අහිතකර තත්ත්වයක් වනු ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මේ අවස්ථාවේ පක්ෂයෙන් ඉදිරිපත් කළ යුත්තේ පතෝල නායකයන් නොව බරක් කරට ගෙන පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි නායකයන් බවද ඔවුන් පෙන්වා දී තිබේ.

 

නවතම පුවත්

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

මැයි 24, 2019

දිවයිනට වැඩ වරදී. අසත්‍ය පුවත ගැන CIDයෙන් අපරාධ විමර්ශනයක් !

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර…

මැයි 24, 2019

අරාබි භාෂා නාමපුවරු ඉවත් කිරීමට වජිරගෙන් චක්‍රලේඛයක්

රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවල අරාබි භාෂාවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා ඉවත් කරන ලෙස චක්‍රලේඛයක්…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb