මිනුවන්ගොඩ ගැටුම පිටුපස මධුමාධව? (VIDEO) - Lanka News Web (LNW)

මිනුවන්ගොඩ ගැටුම පිටුපස මධුමාධව? (VIDEO)

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (13) පස්වරුවේ සිදු වූ ගැටුම් පිටුපස පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා සිටින බවට කතා බහක් මතුව තිබේ. ගැටුම්කාරී අවස්ථාවේ ඔහු මිනුවන්ගොඩ නගරයේ රැඳී සිටින වීඩියෝ ද සමාජ මාධ්‍ය ජාලා තුළ පැතිරෙමින් ඇත.

 පාස්කු ප්‍රහාරයෙන් පසු මධු මාධව මහතා සහභාගී වූ කුඩා කණ්ඩායම් රැස්වීම්ද එම ප්‍රදේශයේ පවත්වා ඇති බව වාර්තා වෙයි. එම රැස්වීම්වල සාකච්ජාවට බඳුන්ව ඇත්තේ මොනවාද යන්න පිළිබඳ මෙතෙක් අප වෙත තොරතුරු ලැබී නැති නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලද සැණින් වාර්තා කරන්නෙමු. සිංහල බෞද්ධ යැයි කියාගන්නා කණ්ඩායම් විසින් මුස්ලිම් වෙළෙඳසැල්, නිවාස ඉලක්ක කරගෙන පහර දීම් මෙන්ම ගිනි තැබීමද සිදුකර ඇත. ඊයේ සන්ධ්‍යාවේ සිටම ඇඳිරි නීතිය පනවා තිබුණද එම නීතියද පසෙකලා කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා විය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ ව්‍යාපත වූ මුස්ලිම් විරෝධය සමඟ දැන් මැතිවරණ ඉලක්ක ගත දේශපාලන න්‍යාය පත්‍රයන්ද පැටලී ඇති බව පෙනෙන්නට තිබේ.

 

 

නවතම පුවත්

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

මැයි 24, 2019

දිවයිනට වැඩ වරදී. අසත්‍ය පුවත ගැන CIDයෙන් අපරාධ විමර්ශනයක් !

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර…

මැයි 24, 2019

අරාබි භාෂා නාමපුවරු ඉවත් කිරීමට වජිරගෙන් චක්‍රලේඛයක්

රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවල අරාබි භාෂාවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා ඉවත් කරන ලෙස චක්‍රලේඛයක්…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb