රූපවාහිනියට එරෙහිව කුමන්ත්‍රණයක්! - Lanka News Web (LNW)

රූපවාහිනියට එරෙහිව කුමන්ත්‍රණයක්!

ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට එරෙහිව කුමන්ත්‍රණයක් දියත්ව ඇති බව එහි සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය සඳහන් කරයි. "රූපවාහිනී සන්නාමය වෙනස් කරන බවට ගෙන යන ප‍්‍රචාරය සාවද්‍යයි" යන ශීර්ෂයෙන් යුතුව නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කර සිටියි.

එම නිවේදනය මෙසේය.

ජාතික රූපවාහිනියේ ලාංඡනය වෙනස් කරන බවට විවිධ මාධ්‍ය මගින් සැලසුම් සහගත ප‍්‍රචාරයක් ගෙනයන බව පෙනෙන්නට ඇති අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව වගකීමෙන් යුතුව අවධාරණය කළ යුතුය. එසේම එ් පිළඳ සාකච්ඡාවක් හෝ සිදුකර නොමැති අතර එවන් අවශ්‍යතාවක්ද නොමැත.

ජාතික රූපවාහිනියේ ලාංඡනය වූ සැළලිහිණියා අප ආයතනයේ ගෞරවයේත්, අභිමානයේත් සංකේතයකි.

තිස් හත් වසරක් තිස්සේ රැකගෙන ආ එකී අභිමානයේ සංකේතය අංශුවකින් හෝ වෙනස් නොකොට ඉදිරියටත් රැක ගැනීම අපගේ තිරසර අදිටන හා වගකීම වන්නේය. නව මාධ්‍ය සංස්කෘතිය තුළ අප ක්‍රියාවට නැංවූ ප‍්‍රවර්ධන ක‍්‍රමෝපායයන් නිසි ලෙස වටහා නොගත් ඇතමුන් වෙනත් මාධ්‍ය මගින් සාවද්‍ය ප‍්‍රචාර රැගෙන යාම කනගාටුවට කරුණකි.

තරගකාරී රූපවාහිනී මාධ්‍ය ආයතන සමග ඉදිරියට පැමිණීමේදී ජාතික රූපවාහිනිය සහ ඩිජිටල් මාධ්‍ය අතර මනා සම්බන්ධතාවක් තිබිය යුතු බව අප විශ්වාස කරන අතර රූපවාහිනිය ස්වකීය සමාජ ජාලා පද්ධතියට අනුකූලව නව වැඩ සටහන් ගණනාවක් ක්‍රියාවට නංවා තිබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

රූපවාහිනියේ නමින් බිඳී ආ 'රූ ඩිජිටල්' නම් වූ උප සන්නාමය භාවිත කිරීමෙන් සිදුකරන ප‍්‍රවර්ධන කටයුතු එහි එක් උපායමාර්ගයකි. එහි හැඩතල භාවිත කරමින් රූපවාහිනී ප‍්‍රවෘත්ති ඇතුළු ඇතැම් වැඩ සටහන් ප‍්‍රවර්ධනයේදීද මෙම උපායමාර්ගය යොදාගෙන තිබේ. දැනටමත් මේ පිළිබඳ සමාජ අවධානයක් දිනාගැනීමට හැකිවීම අපගේ එකී උපායමාර්ගය සාර්ථක වී ඇති බවට කදිම සාක්ෂියකි.

ජාතික රූපවාහිනිය මෙවන් ක‍්‍රමවේද අනුගමනය කළ පළමු අවස්ථාව මෙය නොවේ. අපගේ අලෙවි පියස 'රූ එන්ටර්ටේන්මන්ට්' යන සන්නාමයෙන් ප‍්‍රවර්ධනය කිරීම ඇරඹුවේ මීට වසර 10 කට තරම් පෙර සිටය. එයින් ජාතික රූපවාහිනියේ ප‍්‍රධාන සන්නාමයට හානියක් හෝ අනතුරක් සිදු වී නොමැත.

රූපවාහිනියට එරෙහි සාවද්‍ය ප‍්‍රචාර පසුපස ඇත්තේ සීමිත පිරිසකගේ පටු උවමනාවන් බව අපි දනිමු. එහෙත් එවන් පටු ප‍්‍රයත්නවලින් ජාතික රූපවාහිනිය බඳු දැවැන්ත, ජාතික ආයතනයක කීර්තිය අබ ඇටයක ප‍්‍රමාණයකින් හෝ විනාශ කිරීම සිහිනයක් පමණි.

ජාතික රූපවාහිනිය ජාතික වස්තුවකි. එය ජනතාවගේ ආයතනයක් වන අතර පොදු ජනතාවගේ දැනුම හා වින්දනය පුළුල් කිරීමේ අරමුණින් නිසි සැලසුමකින් යුතුව ජාතික නාලිකාවක වටිනාකම් හා වගකීම් රැකගනිමින් අප පෙරට යන ගමනේ ආපසු හැරීමක් නොමැති බවද ස්ථිරසාරව ප‍්‍රකාශ කර සිටිමු.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ශ්‍රීලනිපයෙන් 'ජනවාරි 8 මිතුරෝ' එළියට

දෙසැම්බර් 15, 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් 'ජනවාරි...

රනිල් 5ක් දෙන්නම් කියයි - ශ්‍රීලනිප මස් රාත්තලම ඉල්ලයි

දෙසැම්බර් 16, 2018

නව රජයට එක්වීමේ සූදානමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...