ආර්ථික අර්බුදයට හේතුව ජවිපෙ පහදයි!

ආර්ථික අර්බුදයට හේතුව ජවිපෙ පහදයි!

10 October 2018 04:34 pm

වත්මන් ආර්ථික අර්බුදයට හේතුව ආණ්ඩුව විසින් කර ඇති වැරදි ආර්ථික කළමනාකරණය පමණක් නොව පසුගිය වසර 40ක් පමණ පුරා ගෙන ගිය වැඩපිළිවෙලෙහි පරාජයක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

 ඔහු මේ බව සඳහන් කළේ අද (10) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මෙම ආර්ථික අර්බුදය විසඳීමට මහින්ද රාජපක්ෂ පාර්ශවයට හැකියාවක් නොමැති බව අද පමණක් නොව පසුගිය පාලන කාලය තුළදීම පෙන්වා ඇති බවයි බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ.

විවිධ කතා කියමින් ආණ්ඩුව පෙරළන බවට පැවසුවද ඒ සඳහා රාජපක්ෂලාට වැඩපිළිවෙලක් නොමැති බවද හෙතෙම කියා සිටියේය.

නිශාන්ත ප්‍රියදර්ශන