රාජ්‍ය දේපළ ගැන මහින්දගේ කැක්කුම සහ මිලියන 140ක ලංගම පොල්ල - Lanka News Web (LNW)

රාජ්‍ය දේපළ ගැන මහින්දගේ කැක්කුම සහ මිලියන 140ක ලංගම පොල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බස් රථ යොදවාගෙන මුදල් නොගෙවා සිටීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුකර ඇති රුපියල් මිලියන 140ක අලාභය ඒ මහතාගෙන් අයකර දෙන ලෙස ඉල්ලා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම ඊයේ (10) යළි කැඳවනු ලැබීය.

 

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ නඩුව කැඳවුණු අවස්ථාවේදී විනිසුරුවරයා දෙපාර්ශ්වයේම නීතීඥවරුන්ට දන්වා සිටියේ පෙත්සමට අදාළ උත්තර පෙබරවාරි 06 වනදා වන විට ඉදිරිපත් කරන ලෙස ය.

2015 ජනාධිපතිවරණය සමයේ එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලංගම බස් රථ යොදවා ගත් බවත් ඊට ගෙවිය යුතු මුදල් මෙතෙක් නොගෙවා පැහැර හැරීම තුළින් ඒ මහතා ලංගමයට කර ඇති අලාභය රුපියල් මිලියන 140ක් පමණ වන බවත් ප්‍රකාශ කරන පෙත්සම්කාර ලංකා ගමනාගමන මණ්ඩලය එම මුදල තමන්ට අය කර දෙන මෙන් අධිකරණයෙන් ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

මහින්ද රාජපක්ෂ යනු රාජ්‍ය දේපළ පිළිබඳව මහත් කැක්කුමකින් යුතුව කතා කරන පුද්ගලයෙකි. එහෙත් ඔහු එසේ රාජ්‍ය දේපළ ගැන කියවන්නේ තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය දේපළ සිත් සේ භාවිතා කර කෝටි ගණනින් මුදල් නොගෙවා පොලු තැබූ පසුබිමක ය. එහෙයින් ඔහුගේ රාජ්‍ය දේපළ පිළිබඳව වන මේ කැක්කුම තමන්ට බලය ඇතොත් රාජ්‍ය දේපළ සිය පවුලේ බූදලය මෙන් සලකා රිසි සේ භාවිතා කිරීමට විනා ජනතාවගේ පැත්තෙන් සිතා බලා ඇති කරගත් කැක්කුමක් නොවන බව පැහැදිලිය.

මෙම නඩුව පිළිබඳව මීට පෙර අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ, තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙස බැවින් මෙම මුදල ගෙවිය යුත්තේ එම සන්ධානය විසින් බවය.

මහින්ද යුද්ධය ගැන කතා කරන විට එය ඔහුගේ ම ජයග්‍රහණයකි. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, දක්ෂිණ අධිවේගී මාර්ගය, නෙළුම් කුලුණ වැනි දෑ ද ඔහුගේ ම නිර්මාණ ය. එහෙත් ලංගමට ගෙවීමට ඇති රුපියල් මිලියන 140 ගැන කතා කරන විට පමණක් එය ඔහුගේ නොවේය. යළිත් බලය ගැනීමට වළිකන මහින්දගේ දෙබිඩි බවේ කතාව එහෙමය.

RN

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ශ්‍රීලනිපයෙන් 'ජනවාරි 8 මිතුරෝ' එළියට

දෙසැම්බර් 15, 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් 'ජනවාරි...

රනිල් 5ක් දෙන්නම් කියයි - ශ්‍රීලනිප මස් රාත්තලම ඉල්ලයි

දෙසැම්බර් 16, 2018

නව රජයට එක්වීමේ සූදානමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...