රතුපස්වල නඩුවට නීතිපති උපදෙස් තවම නෑ - Lanka News Web (LNW)

රතුපස්වල නඩුවට නීතිපති උපදෙස් තවම නෑ

පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට වැලිවේරිය නගරයේදී වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ නඩුව සඳහා මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10) අධිකරණයට වාර්තා කළේය.

 

අදාළ විමර්ශනය සම්බන්ධ ලිපිගොනු උධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇතත් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගම්පහ මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා හමුවේ ඊයේ ප්‍රකාශ කළේ.

2013 වසරේ අගෝස්තු 01 දා රතුපස්වල වැසියන් කළ උද්ඝෝෂණයට එවකට පැවති රාජපක්ෂ රජය විසින් හමුදාව යොදවා වෙඩි තැබවූ අතර එහිදී පාසල් සිසුන් දෙදෙනෙක් සහ බියගම නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ තරුණයකු ඝාතනය කෙරිණි. හමුදාව විසින් එකී ගම්වැසියන්ට ම්ලේච්ඡ ලෙස පන්න පන්නා පහරදී තිබුණු අතර ඉන් විශාල පිරිසක් තුවාල ලැබූහ.

මේ සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා සාමාජිකයින් සිව් දෙනෙකුට චෝදනා එල්ල කර තිබෙන අතර දැනට ඔවුන් ඇප මත නිදහස්ව සිටී.

ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් නඩුව 2019 ජනවාරි 04 වනදා දක්වා කල් තබන ලදී.

රතුපස්වල ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් වෙනුවන් සහ තුවාල ලැබූවන්ට වත්මන් රජය යටතේ වන්දි ප්‍රදානය කෙරිණි. වන්දියක් ගෙවීමෙන් පමණක් යුක්තිය ඉටු කෙරෙන්නේ නැත. මෙම ම්ලේච්ඡ අපරාධය සඳහා වගකිවයුත්තන්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතුය. ප්‍රහාරය සඳහා සහභාගී වූ ඝාතකයින්ට පමණක් නොව, ඔවුන් එතැනට කැඳවූ සහ වෙඩි තැබීමට අණ දුන් ඉහළ නිලධාරීන්ට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය.

අපරාධය සිදු කෙරී වසර පහකටත් අධික කාලයක් ගතව ඇත. ඝාතන සම්බන්ධයෙන් යුද හමුදා සාමාජිකයින් තිදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබුණේ 2017 මාර්තු 24 වනදා ය. බ්‍රිගේඩියර්වරයා අත් අඩංගුවට ගැණුනේ 2017 මැයි 25 වනදා ය. සැකකාර බ්‍රිගේඩියර්වරයා සහ සැරයන්වරයකු ඇප මත නිදහස් කෙරුණේ 2017 අගෝස්තු 31 වනදා ය. සෙසු සැකකරුවන් දෙදෙනා ඇප මත නිදහස් කෙරුණේ 2017 සැප්තැම්බර් 22 වනදා ය. ඉනුත් වසරකට අධික කාලයක් ගතව ඇතත් නීතිපති උපදෙස් ප්‍රමාද ය.

රතුපස්වල වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම, පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ඉදිරියේ තැබුණු මූලික පොරොන්දුවලින් එකක් විය. එවන් වටපිටාවක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව ඇත.

RN

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ශ්‍රීලනිපයෙන් 'ජනවාරි 8 මිතුරෝ' එළියට

දෙසැම්බර් 15, 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් 'ජනවාරි...

රනිල් 5ක් දෙන්නම් කියයි - ශ්‍රීලනිප මස් රාත්තලම ඉල්ලයි

දෙසැම්බර් 16, 2018

නව රජයට එක්වීමේ සූදානමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...