ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නායකගේ නියෝජිතයා චමල් - Lanka News Web (LNW)

ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නායකගේ නියෝජිතයා චමල්

ව්‍යවස්ථාදායක සභාව සඳහා නිර්දේශ කළ නියෝජිතයන්ගේ නම් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවකදී ව්‍යවස්ථාදායක සභා නියෝජිතයන් සම්බන්ධයෙන් අවසන් එකඟතාවයට පැමිණ ඇති අතර එම සාකච්ඡාව අගමැතිවරයා, කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා අතර පැවැත්විණි.

විශේෂත්වය වන්නේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නියෝජිතයා වශයෙන් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා නම් කිරීමයි.

ව්‍යවස්ථාදායක සභාව නියෝජිතයන් 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඒ සඳහා අගමැතිවරයා, කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් පත්වේ. ඊට අමතරව ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයෙකු බැගින් නම් කරන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂ සඳහා ද එක් ආසනයක් හිමි වේ. සෙසු අවස්ථා 03 සිවිල් සමාජය වෙනුවෙන් වෙන්වන අතර ඒ සඳහා අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයන් නියෝජිතයන් පත් කිරීම සිදු කෙරේ.

ඒ අනුව අගැමතිවරයාගේ නියෝජිතයා ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය නම්කර ඇති අතර සෙසු පක්ෂ වෙනුවෙන් හිමි ස්ථානය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා නම්කර තිබේ. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ වනවිටත් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරයි.

අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් පත් කරන සිවිල් නියෝජිතයන් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය ජයන්ත ධනපාල මහතා, සෞදි ආරබියේ හිටපු ශ්‍රී ලංකා තානාපති නීතිඥ ජාවෙඩ් යූසුප් මහතා සහ කොළඹ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් මහතා නම්කර තිබේ.

මේ වනවිට අදාල නම් කිරීම් කතානායකවරයා විසින් ජනාධිපිතවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇත. ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවීමෙන් පසුව ව්‍යවස්ථාදායක සභාව සම්පූර්ණ වන අතර ඔවුන්ගේ පළමු කාර්යය වනුයේ මීළඟ අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් තීරණය කිරීමයි. ඒ සඳහා හෙට දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ශ්‍රීලනිපයෙන් 'ජනවාරි 8 මිතුරෝ' එළියට

දෙසැම්බර් 15, 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් 'ජනවාරි...

රනිල් 5ක් දෙන්නම් කියයි - ශ්‍රීලනිප මස් රාත්තලම ඉල්ලයි

දෙසැම්බර් 16, 2018

නව රජයට එක්වීමේ සූදානමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...