ජනපති ඇතුළු රසික රසිකාවියන් රොනී ලීච්ට අවසන් ගෞරව දක්වයි ( වීඩියෝ)

ජනපති ඇතුළු රසික රසිකාවියන් රොනී ලීච්ට අවසන් ගෞරව දක්වයි ( වීඩියෝ)

11 October 2018 11:26 am

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (11)පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය.

 රොනී ලීච් මහතාගේ බිරිඳට හා දරුවන් වෙත සිය ශෝකය පලකළ ජනාධිපතිවරයා මාධ්‍ය වෙතද අදහස් දැක්වීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු දේශපාලනඥයින් හා කලාකරුවන් රැසක් රොනී ලීච් මහතාට අවසන් ගෞරව දැක්වීමට එක්වී සිටියහ.

කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ රොනී ලීච් මහතාගේ පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

නිශාන්ත ප්‍රියදර්ශන